ස්විට්සර්ලන්තය හමුවේ බ්‍රසීලය පසුබසී

  👤  3111 readers have read this article !
By mawbima 2018-06-19

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'ඊ' කාණ්ඩයේ කණ්ඩායම් වන බ්‍රසීලය හා ස්විට්සර්ලන්තය අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමඟ ලොව පුරා සිටින බ්‍රසීල පාපන්දු ලෝලීන්ගේ පෙරළිකාර ජයග්‍රහණයක බලාපොරොත්තුව සුං වී ගියේය.

රොස්ටොව් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති එම තරගයේදී බ්‍රසීල ක්‍රීඩක පෝලිනියෝ 11 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගැනීමට දැරූ උත්සහාය ව්‍යර්ථ වුවත් 20 වැනි විනාඩියේදී ගෝලයක් ලබා ගැනීමට පිලිපේ කෝටිනියෝ සමත් වූයේ ස්විට්සර්ලන්ත කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කරමිනි.

මේ හේතුවෙන් පළමු භාගය නිමා වන විට ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගන්නට බ්‍රසීලය සමත් වුවත් 50 වැනි විනාඩියේදී ස්විට්සර්ලන්ත ක්‍රීඩක ස්ටීවන් සූබර් ලබාගත් ගෝලයත් සමඟම යළිත් තරගය දෙපිලටම දෝලනය විය. ඉන්පසුව දෙපිලම ගෝල රැස් කිරීමේ උත්සාහයක නිරත වුවත් ඒ සෑම අවස්ථාවක්ම දෙපිලේම ගෝල රකින්නන් විසින් දක්ෂ ලෙස වළක්වන ලදී.

කෙසේ වෙතත් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සෑම තරගාවලියකටම සහභාගි වූ කණ්ඩායම මෙන්ම වැඩිම ලෝක කුසලාන ගණනක් හිමිකරගෙන ඇති කණ්ඩායමද වන බ්‍රසීලයට එරෙහිව මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගන්නට ස්විට්සර්ලන්තය සමත් වීම, ඔවුන් මෙවර ලෝක කුසලානයේදී සාර්ථක ආරම්භයක් ලබාගත් බවට කදිම සාක්ෂියක් සපයා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon