ජනාධිපති කුසලාන ‘මයිලෝ’ පාසල් රග්බි ඇරැඹෙයි

  👤  3075 readers have read this article !
By mawbima 2018-06-19

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් නෙස්ලේ ලංකා සමාගමේ "මයිලෝ" අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන ජනාධිපති කුසලාන මයිලෝ පාසල් රග්බි තරගාවලිය පසුගියදා ආරම්භ විය.

එහිදී ශා.ජෝෂප්, කුරුණෑගල මලියදේව, මහනුවර කිංස්වුඩ්, ඉසිපතන, ශා.පීතර, මහනුවර ත්‍රිත්ව, වෙස්ලි හා මහනුවර ශා. අන්තෝනි යන කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ජනාධිපති කුසලානයද, තර්ස්ටන්, ශා. බෙනඩික්, ආනන්ද, මහානාම, පියරතන, මහනුවර ශ්‍රී සුමංගල, නාලන්දා යන කණ්ඩායම් 7ක සහභාගිත්වයෙන් අගමැති කුසලානයද, මොරටු විද්‍යාලය, තල්දුව බෞද්ධ, පානදුර සුමංගල, නුගවෙල හා මාතලේ ශා. තෝමස් යන කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් සභාපති කුසලානයද පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පිළිමලුන් පිටු දැකීමේ (ම්දධජඬ ධභබ) ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරග ඊයේන් (18දා) අවසන් වූ අතර,

අවසන් පූර්ව තරග ජුනි 23 හා 24දාත්, ජනාධිපති කුසලාන අවසන් තරග ජුනි 30 වැනිදා තුරඟ තරග පිටියේත්, අගමැති හා සභාපති කුසලාන අවසන් තරග ජූලි 01 වැනිදා තුරඟ තරග පිටියේදීත් පැවැත්වීමට නියමිත බව මෙයට අදාළව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර, නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ යන මහත්වරුන් මෙන්ම ජනාධිපති කුසලානය සඳහා තරග වදින පාසල් අටේ නායකයෝද එක්ව සිටියහ.

ඡායාරූපය _ අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon