තැපැල් වර්ජනය නිසා දඩකොළ විභාග ගාස්තු ගෙවීම් ප්‍රා. ලේකම් කාර්යාල මඟින්

  👤  815 readers have read this article !
By mawbima 2018-06-18

නුවන් හෙට්ටිආරච්චි

තැපැල් වර්ජනය හේතුවෙන් රථ වාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ කොළ ගෙවීම් සහ තරග විභාග සඳහා කළ යුතු විභාග ගාස්තු ගෙවීම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහ විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ දිනවල පවතින තරග විභාග සඳහා ගෙවිය යුතු විභාග ගාස්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ගෙවීමට හැකි අතර රථවාහන වැරැදිවලදී ලබාදෙන දඩ කොළය ගෙවීමද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කළ හැකි බවත් එම කාර්යාල සඳහන් කරයි.

එසේම විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාග සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයන් හට පහත සඳහන් දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් විභාග ප්‍රවේශ පත්‍රය යොමු කරන බවයි.

එහිදී එම කෙටි පණිවුඩය විභාග ශාලාවේ ශාලාධිපතිට පෙන්වා විභාගයට පෙනී සිටීමට හැකි බවද තවදුරටත් සඳහන් කරයි.

වෙනත් තොරතුරක් විභාග අපේක්ෂකයකුට දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක හා ෆැක්ස් අංක භාවිත කළ හැකිය.

දුරකථන අංක - 011 2785230
011 2770750
ෆැක්ස් අංක _ 011 2784232

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon