‘කෙරවලපිටිය’ චීන සමාගමකට දීම පිටුපස මිලියන 100ක ගනුදෙනුවක්

  👤  3655 readers have read this article !
By mawbima 2018-06-18

අනුරාධා හේරත්, හර්ෂණී අර්සකුලරත්න, කුරුණෑගල - සුනිල් එස්. පැල්ලන්දෙණිය

මෙගා වොට් 300ක ධාරිතාවකින් යුත් කෙරවලපිටිය විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙරට සමාගමකට පිරිනැමීමට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබියදී, ඊට පිටින් ගොස් එය චීන සමාගමකට පැවරීමේ කැබිනට් පත්‍රිකාවක් විදුලිබල ඇමැතිවරයා විසින් සකස් කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළි කරයි.

අදාළ ටෙන්ඩරය සඳහා 'ලක්දනව් සමාගම' විදුලි ඒකකයට රුපියල් 14 ශත 98ක්ද, එකී චීන සමාගම ඒකකයකට රුපියල් 15 ශත 97ක මුදලක්ද වශයෙන් මිල ගණන් ඉදිරිපත් කර ඇති බව පවසන එහි සභාපති රංජිත් විතානගේ ඒ අනුව මෙම ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමෙන් වසරක කාලයක් තුළ අමතරව ගෙවිය යුතු වන මුදල රුපියල් මිලියන 2129ක් වන බවත්, රටට මිලියන ගණනක් අහිමි වන මෙම ගනුදෙනුව පිටුපස සිටින්නේ ශ්‍රී ලනිපයට සම්බන්ධ ප්‍රබල ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු බවට තොරතුරු ලැබී ඇති බවත් කීය.

මෙය රුපියල් මිලියන 100ක අත යට ගනුදෙනුවක ප්‍රතිඵලයක් බවද ඒ මහතා පැවැසීය.
ඒ මහතා කියා සිටියේ මෙම ටෙන්ඩරය හෙට (19දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, එම දූෂිත ටෙන්ඩරයට විරුද්ධව අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තම සංගමය සූදානම් බවය.

මේ පිළිබඳ ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ මෙරට විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් ද්‍රවවායු විදුලි බලාගාරයක් ඉදිකිරීමට ටෙන්ඩර්පත් කැඳවා තිබූ අතර එම ටෙන්ඩරයට අඩුම මිල ගණන් ඉදිරිපත් කළේ දේශීය සමාගමක් වන 'ලක්දනව් සමාගම' බවත් එය විදුලි ඒකකයට රුපියල් 14.98ක් බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon