බන්ධනාගාර ක්‍රමවේදය අනුව ඥානසාර හිමිට මාස 2ක සමා කාලයක්

  👤  3470 readers have read this article !
By mawbima 2018-06-18

කුමුදු උපුල් ශාන්ත

මාස හයක සිරදඬුවමක් ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරයේ සමාව ගණනය කිරීමේ ක්‍රමවේදය යටතේ එහි ගත කිරීමට සිදුවනුයේ මාස 04යි දින 10ක පමණ කාලයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සිරගත කෙරෙන සෑම පුද්ගලයකුටම එවැනි සමා කාලයක් ලැබෙන බවත් එකී පුද්ගලයාට ලැබී ඇති දඬුවම් කාලය අනුව ඔවුන්ගේ සමා කාල දින ගණන් වෙනස් වෙන බවත්, එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පෙන්වා දෙන්නේ සිරකරුවන්ගේ සමා කාලයක් ගණනය කිරීම සඳහා සෑම ප්‍රධාන බන්ධනාගාරයකම 'සමා අංශය' නමැති විශේෂ අංශයක් තිබෙන බවත්, එම අංශය මඟින් එකී දින ගණන් සකස් කිරීමෙන් අනතුරුව සෑම සිරකරුවකුටම ඒ බව දැන ගැනීමට සලස්වන බවත්ය.

මෙම සමා කාලය ගණනය කිරීමේ ක්‍රමවේදයට අනුව ඥානසාර හිමියන්ට මාස දෙකකට ආසන්න සමා කාලයක් ලැබීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon