තැපැල් සේවකයෝ ජනපති කාර්යාලය අද වටලන්න එති

  👤  3427 readers have read this article !
By mawbima 2018-06-18

නුවන් හෙට්ටිආරච්චි

රට පුරා විසිරී සිටින තැපැල් සේවකයන් අද (18දා) කොළඹට පැමිණ ජනපති කාර්යාලය වටලන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු ඒ.ආර්. වර්ණකුලසූරිය මහතා පවසයි.

දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් තැපැල් සේවකයන් දැනුවත් කර කොළඹ කොටුවට පැමිණීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් කොළඹ - කොටුව සිට 25,000කට අධික තැපැල් සේවකයන් විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කරයි.

රජයේ අදාළ බලධාරීන් විසින් අවුරුදු 12ක් තිස්සේ මඟහැර තිබූ මෙම බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ ගැටලුවට ගිය වසරේ ලෝක තැපැල් දිනය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කඩිනමින් විසඳුම් ලබා දෙන බව පැවැසූ නමුත් ඊට අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙමින් පවතින බවත් සඳහන් කරන වර්ණකුලසූරිය මහතා එහිදී පෙන්වා දෙන්නේ මෙම ගැටලුවට මෙතෙක් කල් පිළිතුරු ලබා නොදුන් හේතුව සහ තැපැල් සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන්නේ එම ගැටලුව විස¼දා ගැනීමට යන්න හේතු පැහැදිලි කිරීමට ජනාධිපති කාර්යාලය වටලන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon