මත්කුඩු රැගෙන ගිය අයෙක් පොලිසියෙන් වෙඩි කා රෝහලේ

  👤  3524 readers have read this article !
By mawbima 2018-06-18

හිඟුරක්ගොඩ - ප්‍රියා,
පොළොන්නරුව - විපුල් ප්‍රියන්ත

පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේදී මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනකු බස් රථයක් තුළදී අත්අඩංගුවට ගැනීමට යෑමේදී එක් සැකකරුවකු පොලිසියට පහරදී පලා යෑමට තැත් කරද්දී පොරබැදීම හේතුවෙන් ගිනි අවිය පත්තුවී එක් සැකකරුවකුට වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොළොන්නරුව විශේෂ මත්ද්‍රව්‍ය දූෂණ මර්දන අංශය කියයි.

මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ පොළොන්නරුව, පුලස්තිපුර බී.ඕ.පී. 317 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට පත් අනෙක් තැනැත්තා මින්නේරිය, හේන්යාය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි. මොවුන් දෙදෙනා පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ ගණනාවකට කලක සිට මත්කුඩු ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ නිරතව මීට පෙර කීප වතාවක්ම මත්කුඩුත් සමඟ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළ නම ගිය මත්කුඩු බෙදාහරින්නන් බව පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

මෙම සැකකරුවන් සතුව හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 210ක් තිබී සොයාගෙන ඇත.
උතුරු මැද පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.පී. සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ අධීක්‍ෂණයෙන් පොළොන්නරුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන, පොළොන්නරුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි තිස්සලාල් ද සිල්වා ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon