වෛද්‍යවරුන්ගෙන් අය කරන බද්ද වැඩි කිරීම ගැන ජනපති - අගමැති සමග සාකච්ඡා කිරීමේ සූදානමක්

  👤  610 readers have read this article !
By mawbima 2018-06-14

ජේ.ටී. ද සිල්වා

නව ආදායම් බදු සංශෝධන පනත යටතේ වෛද්‍යවරුන්ගෙන් අයකරන සියයට 12ක බද්ද සියයට 24 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසී සාකච්ඡා කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කරයි.

එම සංගමයේ විධායක සභාව ඊයේ (13දා) සවස රැස්වී එම තීරණයට එළැඹ ඇත. තමන්ගෙන් අයකරන බද්ද සියයට 12 මට්ටමේ රඳවන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමු වී ඉල්ලා සිටීමට තීරණය කළ බවත් එම සාකච්ඡාවලදී සතුටුදායක විසඳුමක් නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කළ බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon