රවිරාජ් ඝාතන නඩු තීන්දුවට එරෙහි නීතිපතිගේ පෙත්සම විභාගයට දින දෙයි

  👤  657 readers have read this article !
By mawbima 2018-06-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍ර නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් සිවුදෙනා (එක් අයකු අධිකරණය මඟහැර සිටියෙකි) නි‍ෙදාස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් 2016දී දෙන ලද තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකොට ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අගෝස්තු මස 2 වැනි දින නඩු විභාගය ආරම්භ කිරීමට දින නියම කළේය.

දීපාලි විජේසුන්දර හා අචල වෙංගප්පුලි යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඊයේ (13දා) කැඳවා තිබිණි.

2005දී සිදුව ඇති මෙම ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවේ ජූරි සභාවක් ඉදිරිපිට පැවැති නඩු විභාගයේදී ජූරි සභාවේ බහුතර මතය අනුව සියලුම විත්තිකරුවන් සියලුම චෝදනාවන්ගෙන් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට තීන්දු විය.

ඒ අනුව එම නඩුවේ චූදිතයන්ව සිටි විත්තිකරුවන් සිවු දෙනා විනිසුරුවරිය විසින් නි‍ෙදාස් කොට නිදහස් කරනු ලැබුවේ 2016 දෙසැම්බර් 24 වැනි දින දෙන ලද සිය නඩු තීන්දුවෙනි.

එම තීන්දුවට එරෙහිව ගොනුකළ නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටිනුයේ එකී නඩු තීන්දුව පිළිබඳ නීතිපතිවරයා වශයෙන් තමන් කිසි ලෙසකිනුත් සෑහීමට පත් නොවන හෙයින් එකී තීන්දුව ඉවත දමා නඩු විභාගය නැවත පැවැත්වීමට නියෝග කරන ලෙස හෝ නොඑසේ නම් නඩු ගොනුවේ අන්තර්ගතව ඇති කරුණු හා නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සම්පිණ්ඩන යළි විමර්ශනය කොට ඒ අනුව තීන්දුව යළි ප්‍රකාශ කරන ලෙසට නියෝග කරන ලෙසත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon