ගෝඨාගේ රිට් පෙත්සම ගැන නීතිපතිගේ ස්ථාවරය අද

  👤  648 readers have read this article !
By mawbima 2018-06-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

තමා අත්අඩංගුවට ගැනීමේ අරමුණින් යුතුව මූල්‍ය අපරාධ කොට්ඨාශය (ජ්ඛ්ධ්ච්) තමාට එරෙහිව 'පොදු දේපොළ පනත' යටතේ අභූත චෝදනා ගොනුකොට ඇති බැවින්, එලෙස ක්‍රියාකිරීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකොට ඇති 'රිට්' පෙත්සම සම්බන්ධයෙන් "නීතිපතිවරයාගේ ස්ථාවරය" අද (14දා) දිනයේදී දැනුම්දෙන බව ඊයේ (13දා) නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි යන මහත්වරුන් පෙත්සම්කාර රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දක්වන ලද අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ නීතිඥවරයා එහිදී විනිශ්චය මණ්ඩලයට ඊයේ දන්වා සිටියේ අද (14දා) දිනයේදී නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කරන බවය.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමේදී පහත් බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය ඒ සඳහා යෙදවීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කොට ඇතැයි පවසමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව 'බී' වාර්තාවක් ඉදිරිපත් කරමින් චෝදනා ගොනුකොට ඇත.

ඊට එරෙහිව ගොනුකළ මෙම 'රිට්' පෙත්සම විමසුමට ලක්කළ අභියාචනාධිකරණය ප්‍රථම අවස්ථාවේදී එමඟින් ඉල්ලා තිබූ අතුරු සහන ඉල්ලීමක් පිළිගනිමින් පොදු දේපොළ පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon