නිවැරැදි කිරීමක්

  👤  616 readers have read this article !
By mawbima 2018-06-14

"දකුණ බිලිගත් ඉන්ෆ්ලුවන්සා වයිරසය ගම්පහටත් ඇතුළු වේ" යන පුවත සම්බන්ධවයි


ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලංගි සුබසේකර වන මා හෙළි කළා යැයි පවසමින් ඉහත මාතෘකාව යටතේ කඩවත උදාර මධුශංක නමැති වාර්තාකරු විසින් 2018 ජුනි මස 13 වැනි බදාදා දින 'මව්බිම' පුවත්පතෙහි බටහිර අතිරේකයේ මුල් පිටුවෙහි (පිටු අංක 14) සහ 4 වැනි පිටුවෙහි සාවද්‍ය තොරතුරු සහිත වාර්තා දෙකක් පළ කර ඇත.

මේ වන විට දකුණු පළාතේ වසංගත තත්ත්වයකට පත්ව ඇති මාරාන්තික ඉන්ෆ්ලුවන්සා රෝගීන් ගණනාවක් ගම්පහ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බවට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වන මා විසින් ප්‍රකාශ කර ඇති බව එම වාර්තාවේ පවසයි. මෙය සාවද්‍ය තොරතුරකි. එලෙස අප වෙත රෝගීන් වාර්තා වී නොමැත. මේ නිසා මේ රෝගයේ වසංගත තත්ත්වයක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ දැනට වාර්තා නොවන බව දන්වා සිටින අතර මහජනතාව කලඹවන ලෙස ඉදිරිපත් කර ඇති මේ අසත්‍ය වාර්තාව නිවැරැදි කරන මෙන් කාරුණිකව දන්වමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon