ආණ්ඩුවේ 2/3 කප්පාදු කරන්න දිනේෂ්ට - වීරවංශට භාරදෙයි

  👤  681 readers have read this article !
By mawbima 2018-06-14

රුචිර දිලාන් මධුසංඛ

විපක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා සමඟ එක්ව ආණ්ඩුවේ 2/3 බලය නැති කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේදැයි සාකච්ඡා කර ස්ථිර වැඩපිළිවෙළක් සැකසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (12දා) රැස්වූ ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී පක්ෂ නායකයන්ට පවරා තිබේ.

රටට අහිතකර පනත් කිහිපයක්ම ආණ්ඩුව විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව මෙහිදී පවසා තිබුණේ දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශය. ආණ්ඩුවේ 2/3 අහිමි කිරීම සඳහා ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාගේ සහාය අවශ්‍ය වන බව ඔවුන් පෙන්වා දී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙම මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් සකසන ලෙසයි.

අදාළ මන්ත්‍රි පිරිස හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් නියෝජ්‍ය කථානායකවරයා තේරීමේ රහස් ඡන්දයේදී විපක්ෂයේ අපේක්ෂිකාව වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පරාජයට පත්වූ බවද මෙහිදී මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් කියා සිටියහ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසා ඇත්තේ් මින් ඉදිරියට පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දු ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සම්මත කර ගත යුතු බවයි. ඒ අනුව ඉදිරි පක්ෂ නායක හමුවේ සිට එම පියවර අනුගමනය කිරීමට නියමිත බවටද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon