රජය බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලට ඉන්ධන පිරවුම්හල්වලින් භූමිතෙල් නිකුත් කිරීම තහනම් කරන්න යයි

  👤  739 readers have read this article !
By mawbima 2018-06-14

දෙනගම ධම්මික රණවීර

ඉන්ධන පිරවුම්හල්වලින් බස් රථ ඇතුළු වාහන සඳහා භූමිතෙල් නිකුත් කිරීම නතර කිරීමට රජයේ අවාධානය යොමු වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

භූමිතෙල් මිල රුපියල් 101 දක්වා වැඩි කළේ බස් රථ ඇතුළු රථවාහන සඳහා ඒවා යෙදීම නතර කිරීමට වුවත් රුපියල් 70 දක්වා භූමිතෙල් මිල අඩු කිරීම නිසා නැවතත් ඒවා බස් රථ ආදියට යෙදීමට ඉඩ ඇතැයිද කීවේය. භූමිතෙල් මිල වැඩි කිරීම නිසා ඒවායේ පරිභෝජනය 50%කින් අඩුවී ඇති බව හෙළි වී ඇති බවත් ඊයේ (13දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon