16 දෙනාගේ පොලිස් ආරක්ෂාව පෙර තිබූ පරිදිම

  👤  741 readers have read this article !
By mawbima 2018-06-14

රුචිර දිලාන් මධුශංඛ

අමාත්‍ය තනතුරුවලින් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනාගේ පොලිස් ආරක්ෂාව අඩු නොකිරීමට ආරක්ෂක කමිටුවේ අවධානය යොමුවී තිබේ.

ඉදිරියේදී මේ ගැන ස්ථිර තීන්දුවකට පැමිණෙන තෙක්, අදාළ මන්ත්‍රිවරුන්ට ඇමැතිවරුන් ලෙස සිටි සමයේ ලබාදුන් ආරක්ෂාව ලබාදීමට මෙහිදී ආරක්ෂක කමිටුවේ අවධානය යොමුවිය.

ඇමැති ධුරවලින් ඉවත් වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ලැබෙන්නේ ඇමැති ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාවකි.

එහෙත් තවමත් අදාළ මන්ත්‍රිවරුන් දහසය දෙනාට පෙර තිබූ ආරක්ෂාව එලෙසින්ම ලබාදීම මෙහි ඇති විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon