විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු රැස්වීම හෙට

  👤  624 readers have read this article !
By mawbima 2018-06-14

හර්ෂනී අර්සකුලරත්න

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා නොදී උසස් අධ්‍යාපන බලධාරීන් එකඟතා බිඳිමින් ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව හෙට (15දා) රැස් වී තීරණය කරන බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් රුවන් කුමාර ගජනායක පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් දින 48ක් පුරා සිදු කළ අඛණ්ඩ වැඩ වර්ජනය නිමා වූයේ මාසික හිලව් දීමනාව ලබාදීමට සහ අනෙකුත් ඉල්ලීම් වෙනුවෙන් මාස 3ක් ඇතුළත ගැටලු සාකච්ඡා කොට විසඳුම් ලබාදීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමේ ලිඛිත පොරොන්දුවක් මත යැයි ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon