ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දඬුවම් නියම කිරීම අද

  👤  733 readers have read this article !
By mawbima 2018-06-14

කුමුදු උපුල් ශාන්ත

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ දඬුවම් නියම කිරීම අද දින සිදුකිරීමට නියමිතය.

2016 වසරේ ජනවාරි මස 25 වැනි දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී එක්නැලිගොඩ මහත්මියට බැනවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබූ අතර එම චෝදනා සම්බන්ධයෙන් ඥානසාර හිමියන් වරදකරු බව ඉකුත් මැයි මස 24 දින අධිකරණය මඟින් තීන්දු කර තිබිණි. එම තීන්දුවට අදාළ දඬුවම් නියම කිරීම අද (14දා) සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon