ආනයනික පලතුරු බද්ද ඉහළ දැමීමට පියවර ගන්නවා

  👤  818 readers have read this article !
By mawbima 2018-06-14

දේශීය පලතුරු ගොවියා රැකගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

තලවිල ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ ඊයේ (13දා) පෙරවඵරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කෙළේය.

තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙම ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ.

ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ අතර දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

තම පලතුරු නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබීමේ ගැටලුව පිළිබ¼දවද ප්‍රදේශයේ පලතුරු ගොවීන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර පලතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ල වී ඇති අභියෝගයට විසඳුමක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියහ.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පලතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවරයන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon