ශ්‍රී ලනිපය කඩිනමින් රජයෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්විය යුතුයි

  👤  680 readers have read this article !
By mawbima 2018-06-14

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් සන්ධානයකට එක්විය යුතු බවත් එසේ නොවුණහොත් 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයට එක්වීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

තිලංග සුමතිපාල මහතාගේ පුංචි බොරැල්ලේ පිහිටි නිවෙසේදී ඊයේ (13දා) 16 දෙනාගේ කණ්ඩායම මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් පක්ෂයේ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තම කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ඉතා කඩිනමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ එජාප විරෝධී පුළුල් සන්ධානය ගොඩනැඟී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියා කළ යුතු බව 16 කණ්ඩායමේ අදහස බවද ඒ මහතා පෙන්වා දෙයි.

මීට අමතරව ආණ්ඩුවක් පාලනය කිරීමේදී බෙදී යන විෂයයන් සම්බන්ධයෙන් එක් එක් විෂයයන් අධ්‍යයනය කිරීමටද 16 කණ්ඩායමට වැඩසටහනක් සකස් කළ බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජක්ෂ මහතා සහ 16 කණ්ඩායම අතර ඊයේ (13දා) සාකච්ඡාවක් නොපැවැත්වුණු බවත් එම හමුව ඉදිරි දිනකදී සිදුවීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon