මහින්දට ‘20න්’ ආණ්ඩුවේ නායකයා විය හැකියි

  👤  3360 readers have read this article !
By mawbima 2018-06-14

අනුරාධා හේරත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාව හිමි වන බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

ජවිපෙ නායකයා පැවැසුවේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට රාජ්‍ය නායකයා හා ආණ්ඩුවේ නායකයා යන ධුර දෙකටම තරගවැදීමේ අවස්ථාව අහිමිවී ඇති බවය.

එනම්, දෙවරක් ජනපති වූ තැනැත්තකුට පවතින ව්‍යවස්ථාව අනුව අගමැතිවරයකු විය නොහැකි බව නීති තර්කවලින් පෙන්වා දෙන්නේ යැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඔහු පැවැසුවේ යම් හෙයකින් වත්මන් ජනපති ධුරය හිස් වුවහොත් වත්මන් අගමැති ජනපති බවට පත් කළ හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon