අලව්වේදී බස් 2ක් ගැටී අයෙක් මරුට 30කට තුවාල: 10කට බරපතළයි

  👤  3280 readers have read this article !
By mawbima 2018-06-14

කුරුණෑගල - සුනිල් එස්. පැල්ලන්දෙණිය, පොල්ගහවෙල - ඩිමේෂ් අධිකාරි, අලව්ව - මුදියන්සේ අබේකෝන්

කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කපුවරල ප්‍රදේශයේදී ඊයේ (13දා) සවස 6.00ට පමණ මගී ප්‍රවාහන පෞද්ගලික බස් දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් අයකු මියගොස් 30 දෙනකු තුවාල ලබා ඇත.

ගැටුණු බස් දෙකෙන් එක් බසයක් මා ඔයට පෙරළී තිබේ. කොළඹ සිට ගල්නෑව බලා ධාවනය වූ බසයක් හා කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් දෙකක් මෙසේ අනතුරට ලක්වී තිබේ.

අනතුර සිදුවූ කපුවරල ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමකට ලක්ව තිබීමත්, ඒ හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක් පමණක් භාවිත කරන ස්ථානයකදී මෙම අනතුර සිදුවී ඇති බව අලව්ව පොලිසිය පැවැසීය.

මෙහිදී ඔයට පෙරළී ඇත්තේ කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ බසයයි.
තුවාලකරුවන් අලව්ව, කුරුණෑගල යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර 10 දෙනකු බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon