CID - TID අපේ ගෙවල්වල අයට තර්ජනය කරනවා

  👤  3346 readers have read this article !
By mawbima 2018-06-14

සවනි ශේශාධි

විශ්වවිද්‍යාලවල ලියාපදිංචි ශිෂ්‍ය සංගම්වල කටයුතු කරන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ නිවෙස්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ඛ්ධ්ච්) හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් (ඊධ්ච්) තොරතුරු රැස් කරන මුවාවෙන් පැමිණ නිවැසියන් බියට පත්වන ආකාරයෙන් කතාබස් කරමින් තර්ජනය කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු - ළහිරු වීරසේකර චෝදනා කරයි.

ආරක්ෂක අංශ යොදාගෙන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ නින්දිත උත්සාහයක ආණ්ඩුව නිරත වන බවද 'මව්බිම'ට අදහස් දක්වමින් හෙතෙම පැවැසීය.

මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් නව දෙනකුගේත් (9) විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකුගේත් (2) නිවෙස්වලට ආරක්ෂක අංශයේ නිලධාරීන් ගොස් ඇතැයිද, යාපනයේ පදිංචි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර දමිළ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකුගේ නිවෙසට ගොස් ඇත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් යැයිද හෙතෙම පැවැසීය.

අනවශ්‍ය අයුරින් ශිෂ්‍යයන්ගේ තොරතුරු රැස්කිරීමේ මුවාවෙන් ආරක්ෂක අංශ යොදා ගනිමින් සිදුකරන මර්දන ක්‍රියාවලියට තමන් එකහෙළාම විරුද්ධ බවත්, එයට එරෙහිව ඉදිරියේදී විරෝධතා ක්‍රියාමාර්ගවලට පරිභාහිර වැඩපිළිවෙළක් දියත් කරන බවත් අන්තරේ කැඳවුම්කරු අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon