කර්නල් රත්නප්‍රිය යළි එම තනතුරේ පිහිටුවන්න

  👤  3685 readers have read this article !
By mawbima 2018-06-14

හර්ෂණී අර්සකුලරත්න

කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ යුද හමුදා ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධුට ඔහු කිලිනොච්චියේදී එතෙක් දැරූ වගකීම් යළිත් පවරා එකී තනතුරේ පිහිටුවන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ජනපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ.

යුද්ධය නිම වූ දා පටන් සැබෑ ජාතික සමඟියට සංහිඳියාවට හේතුවන පාලමක් ගොඩනැඟීමට ජාතියක් ලෙස අප අසමත් වූ බවත් එම කර්නල්වරයාගේ නික්ම යෑම පිළිබඳව විශ්වමඩු ජනතාවගේ සහ පුනරුත්ථාපනය වූ ත්‍රස්තවාදී සැකකරුවන්ගේ දෑස් තුළ දුටු කඳුළුවල සංහිඳියාව සඳහා වන ඉතා දුර්ලභ රිදී රේඛාවක් මතු වී ඇත බවත් එම ලිපියේ සඳහන් කොට ඇත.

ඒ හරහා සිංහල, දෙමල, මුස්ලිම් සමස්ත ජාතියටම අගනා පාඩමක් කියා දී ඇති නිසා එම ආදර්ශය තවදුරටත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ඔහු වෙත කිලිනොච්චියේ පැවරී තිබූ වගකීම් නැවතත් පවරා එම නිලධාරියාට ඒ සඳහා පෞද්ගලික දුෂ්කරතා වේ නම් ඒවාද සොයා බලා පිළියම් යොදන ලෙසද මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon