ගොඩගැසුණු නඩු කඩිනම් කරන පළමු මහාධිකරණය ජූලියේ

  👤  3366 readers have read this article !
By mawbima 2018-06-14

දෙනගම ධම්මික රණවීර

වසර ගණනාවක් තිස්සේ විභාග නොවී ගොඩගැසී ඇති නඩු සහ, දූෂණ, වංචා ආදියට සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා වූ පළමු මහාධිකරණය ජූලි මාසයේත්, සෙසු මහාධිකරණ දෙක, සැප්තැම්බර් මාසයේත් ස්ථාපිත කරන බව, සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

නව මහාධිකරණ 3ක් ස්ථාපිත කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු අධිකරණ විශේෂ විධි _ විධාන පනත ප්‍රකාරව එම නව මහාධිකරණ ස්ථාපිත කිරීමට නියමිතය.

නව මහාධිකරණ 3 පිහිටුවීමේ මූලික කටයුතු සියල්ල මේ වන විට සිදුකොට අවසන් බවත්, ඒවා කොළඹ කේන්ද්‍ර කොට ස්ථාපිත කරන බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (13දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon