මහින්ද-කේෂාප් සාකච්ඡා ගැන විකෘති පුවත් මවලා

  👤  3690 readers have read this article !
By mawbima 2018-06-14

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතාගේ ධුර කාලය අවසන් වී තම මවු රටට යෑමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සුහද හමුවක් පැවැත්වූ බව, හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හිටපු ජනාධිපතිවරයාගේ, විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේදී ඉකුත් ඉරිදා පැවැති මෙම සාකච්ඡාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ, නියෝජ්‍ය තානාපති කාර්ය මණ්ඩල ප්‍රධානී රොබට් හිල්ටන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූ බවත් එම අවස්ථාවේ කළ සුහද සාකච්ඡාවේ කරුණු විවිධ මාධ්‍ය ඔස්සේ විකෘති කර පළවෙමින් තිබෙන බවත් එම නිවේදනයෙහි දැක්වෙයි.

එම ප්‍රවෘත්තිය හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයෙන් නිල වශයෙන් නිකුත් නොකළ බවත්, ඒ පිළිබඳව මාධ්‍ය ඒකකය වගනොකියන බවත් එම නිවේදනය කියා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon