හින්දු කටයුතු විෂය වෙනත් සුදුස්සකුට ලබා දිය යුතුයි

  👤  3333 readers have read this article !
By mawbima 2018-06-14

ලක්ෂ්මී ජයකොඩි

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්වීම් ලැබීමේ කිසිදු ගැටලුවක් නොමැති නමුත් හින්දු කටයුතු විෂය වෙනත් සුදුසු පුද්ගලයකුට ලබාදිය යුතු බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය කාදර් මස්තාන් මහතා වෙත ලබාදීමට එරෙහිව විවිධ ප්‍රකාශ පළවීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මේ බව කීය.

විශේෂයෙන් ආගම් සංස්කෘතීන් පිළිබඳ විෂයන් භාරදිය යුත්තේ ඒ පිළිබඳ යම් හෝ දැනුමක් ඇති අයකුට බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ස්වාමිනාදන් අමාත්‍යවරයාට මුස්ලිම් කටයුතු අමාත්‍ය ධුරය ලබා දුන්නේ නම් එයටද තමන් විරෝධය පළ කර සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආගම යනු ඉතා සංවේදී විෂයක් බැවින් එයට දේශපාලනය ඇතුළත් නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා අදාළ ආගම සම්බන්ධ අමාත්‍යවරයා අදාළ ආගමික ස්ථාන වැඳුම් පිදුම් කිරීමට එම ආගමික නායකයන් හා සාකච්ඡා පැවැත්විය යුතු බැවින් ඊට සුදුසු වන්නේ එම ආගමකම පුද්ගලයකු බවද කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ දෙමළ හින්දු ජනතාව මෙමඟින් තවදුරටත් බෙලහීනයන් බවට පත්කොට ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon