එක් දරු පියා තම අනියම් පෙම්වතියගේ ගෙල මිරිකා රෝහලට භාර දීලා

  👤  3635 readers have read this article !
By mawbima 2018-06-14

අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන

උෟරගස්මංහන්දිය පොලිස් බල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන එක් දරු පියකු තම අනියම් පෙම්වතිය සමඟ පෙරේදා (12දා) රාත්‍රි සේවය හමාර කර ආපසු පැමිණෙමින් සිටියදී බහින්බස් වීමක් සිදුවී ඇත.

එහිදී අනියම් පෙම්වතා විසින් ඇයගේ ගෙල මිරිකා ඇති අතර ඇය දෙනෙත් පියා ගත් බැවින් ක්ලාන්ත වූවා යැයි සිතා බළපිටිය රෝහලට ගෙන ගොස් භාරදී ඇත.
ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බවයි. ඒ බව දැනගත් පෙම්වතා රෝහලෙන් පැනගොස් ඇත.

ඔහුට අයිති වාහනයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ යටගල දික්කැලේ පදිංචිව සිටි තරුණියකි.

ඇල්පිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ උපදෙස් මත උෟරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති සුජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon