හින්දු කටයුතු ඇමැතිකම වන්නි මන්ත්‍රි කාදර්ට දීම ගැන ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල විරෝධය

  👤  3287 readers have read this article !
By mawbima 2018-06-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, මුලතිව් - ශෂි කුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් මහතාට ලබාදී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුරයට හින්දු ආගමික කටයුතු ඇතුළත් කොට තිබීම සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය විරෝධය පළ කරමින් නිවේදන නිකුත් කොට තිබේ.

මේ පක්ෂ දෙකම සඳහන් කොට ඇත්තේ මුස්ලිම් ජාතික මන්ත්‍රිවරයකුට හින්දු කටයුතු පිළිබඳව අමාත්‍ය ධුරයක් ලබාදීම ජනාධිපතිවරයා විසින් දෙමළ හින්දු ජනතාව හෑල්ලුවකට ලක් කොට ඇති බවයි.

මේ අතර හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු ධර්මය පිළිබඳ අල්ප මාත්‍ර දැනුමක් හෝ නොමැති අයකු හට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පෙන්වා දෙයි.

මේ තුළින් රජයේ වගකීම් විරහිත බව ඉස්මතු වන බවත් රජය සිටින්නේ කොතැනද යන්න රජය හෝ නොදැනීම විමතියට කරුණක් බවත් සිද්ධාර්ථන් මහතා කීය.

මෙම පත්කිරීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය මෙන්ම දෙමළ දේශපාලන ධාරාව තුළත් දෙමළ ජනතාව තුළත් රජය කෙරෙහි විවේචනාත්මක සංවාදයක් පවතින බවත් හින්දු කටයුතු විෂය හින්දු භක්තික අමාත්‍යවරයකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් සිද්ධාර්ථත් මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon