වෙඩි වැදුණු දීඝ දන්තුට වනජීවීයෙන් ප්‍රතිකාර

  👤  3314 readers have read this article !
By mawbima 2018-06-14

මඩාටුගම - ප්‍රසංග ඒකනායක,
ගල්ගමුව -
අරෝෂණ මාන්නප්පෙරුම

කලාවැව ජාතික උද්‍යානය සිය වාස භූමිය කරගෙන ජීවත් වන දීඝ දන්තු 01 නම් ඇතා වෙඩි ප්‍රහාරයකට ලක්ව ආබාධිත තත්ත්වයෙන් සිටියදී වනජීවී නිලධාරීහු පෙරේදා (12දා) ප්‍රතිකාර කරනු ලැබූහ.

ජාතික උද්‍යානයේ ඔලොම්බාව ප්‍රදේශයේදී මේ ඇතා වෙඩි ප්‍රහාරයට ලක්ව සිටියදී පසුගිය 11 වැනි දා ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. වෙඩි ප්‍රහාරයෙන් ඇතාගේ ඉදිරිපස වම් පාදයට තුවාල සිදුව ඇති අතර අනුරාධපුර පණ්ඩුගලම පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු ඇතාට ප්‍රතිකාර කරනු ලැබූහ.

අවුරුදු 25ක් පමණ වයසැති උඩි 8ක් පමණ උසැති මෙම ඇතා කලාවැව රක්ෂිතයේ සිටින දළ දිගැති ඇතුන්ගෙන් එක් අයෙකි. මේ ඇතාට සමානව තවත් ඇතෙක්ද මේ රක්ෂිතයේ සිටින නිසා දීඝ දන්තු 01 හා 02 වශයෙන් නම් තබා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon