ජාත්‍යන්තර ජපන් භාෂා හා සංස්කෘතික වැඩමුළුවට දිඹුලාගල මැදි මහ විදුහලේ ඩිල්මි ඔෂින් සිසුවිය

  👤  3428 readers have read this article !
By mawbima 2018-06-14

මනම්පිටිය - නිමල් ජයරත්න

ජාත්‍යන්තර පාසල් අතර ජපානයේදී පැවැත්වීමට නියමිත ජපන් භාෂා හා සංස්කෘතික වැඩමුළුවකට ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම ලබන බී.ඒ. ඩිල්මි ඔෂින් බණ්ඩාර සිසුවිය තෝරාගෙන ඇත.

ජපානයේ ෆුකෝකා හාට් ඉන්ටර්නැෂනල් ආයතන හා පොළොන්නරුව හාට් ඉන්ටර්නැෂනල් ආයතනය එක්ව පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පවත්වන ලද ජපන් භාෂාව හා සංස්කෘතික වැඩමුළුවක් සාර්ථකව නිමා කළ එම සිසුවියට මෙම විශේෂ අවස්ථාව හිමිවී තිබේ.

උතුරු මැද පළාතේ පොළොන්නරුවේ පාසල් මුල්කරගෙන මෙම වැඩමුළුව පැවැත්වූ අතර ජපන් භාෂාව හා ගායනය, ප්‍රවීණතාව ඉහළින් ප්‍රදර්ශනය කිරීමට අරලගංවිල විලයාය මධ්‍ය මහා විදයාලයේ උස් පෙළ ජපන් භාෂා ඒකකයේ අධ්‍යාපන ලබන බී.ඒ. ඩිල්මි ඔෂින් බණ්ඩාර ශිෂ්‍යාවට හැකි වූවාය.

උසස් පෙළ විෂය ධාරාවෙන් ජපන් භාෂාව විෂයක් ලෙස හදාරන ඇය ජපන් භාෂාවට හා නර්තනයට මෙන්ම ගායනයටද හපන්කම් දක්වන්නීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජපානයේ හාට් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධානි චිහෝමි ඉරි ඒ මහත්මිය පැවැසුවේ මෙම වැඩමුළුව සඳහා රටවල් කිහිපයකින් පාසල් දරුවන් සහභාගි කර ගන්නා බවත්, ජපන් භාෂාව හා සංස්කෘතිය එම රට වල ප්‍රචලිත කිරීම එක් අරමුණක් බවත්ය. එහි පළමු පියවර ලෙස පොළොන්නරුවේ හාට් ඉන්ටර්නැෂනල් ආයතනයේ ගුරුවරුන් යොදවාගෙන විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා ඉකුත් වසරේ ජපන් භාෂාව ඉගැන්වීම ආරම්භ කළ බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ටී. ඒ. ඩිල්මි ඔෂින් බණ්ඩාර ශිෂ්‍යාව පැවසුවේ උසස් අධ්‍යාපනය තුළින් ජපන් භාෂාව ප්‍රවීණතාවක් ලබා ඇය අධ්‍යාපනය ලබන පාසලට හා ප්‍රදේශයට විශාල සේවයක් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, ජපන් භාෂාව හා සංස්කෘතිය ඉගෙන ගෙන විශේෂ වැඩමුළුවකට පාසල් සිසුවියක් ලෙස 13 වැනිදා ජපානයට යෑමට අවස්ථාවක් හිමිවීම අධ්‍යාපන ජීවිතයේ විශේෂ අවස්ථාවක් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon