බීච් වොලිබෝල් ක්‍රීඩා කරන්න කැමැති නම් 22 දාට සුගතදාස පිටියට එන්න

  👤  3408 readers have read this article !
By mawbima 2018-06-14

ජාතික බීච් වොලිබෝල් සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ පරීක්ෂණ මෙම මස 22 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ එළිමහන් බීච් වොලිබෝල් පිටියේදී 22 වැනිදා උදෑසන 8.30 සිට මෙම තෝරාගැනීමේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම පරීක්ෂණ සඳහා සහභාගී වීමට හැකියාව පවතින අතර ඔවුන් 22වැනි දින පෙරවරු 8.00ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

මෙම තෝරාගැනීමේ පරීක්ෂණ පිළිබඳ වැඩි විස්තර එම සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා (අංක 0777864626) අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon