රිච්මන්ඩ්-ශා.ඇලෝසියස් 25 වැනි වාර්ෂික රග්බි තරගය

  👤  3358 readers have read this article !
By mawbima 2018-06-14

ඉෂාන් රශ්මිත

ගාල්ල නගරයේ රග්බි පාපන්දු ක්‍රීඩාවේ නියැළෙන ප්‍රධානතම පාසල් ද්විත්වය වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර වන 25 වැනි වාර්ෂික මහා රග්බි පාපන්දු තරගය අද (14දා) දින සවස 3 ට කොග්ගල ආයෝජන කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දකුණු පළාතේ පැවැත්වෙන එකම මහා රග්බි පාපන්දු තරගය වන මෙම තරගය 1992 වසරේදී ඇරඹුණු අතර "නියෝජ්‍ය පොලිස්පති ටී.වී. සුමනසේකර අභියෝගතා කුසලාන" වෙනුවෙන් මෙම තරගය පැවැත්වේ. සිවුවැනි වසරේ ක්‍රීඩකයකු වන සචින්ද්‍ර මධුලංක ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය රග්බි පාපන්දු පිල මෙහෙයවනු ලබන අතර, සිවුවැනි වසරේ ක්‍රීඩකයකු වන හේෂාන් ද සිල්වා මෙවර 25 වැනි වාර්ෂික මහා රග්බි පාපන්දු තරගයේදී රිච්මන්ඩ් පිලට නායකත්වය ලබා දෙයි.

ශාන්ත ඇලෝසියස් සංචිතය:
සචින්ද්‍ර මධුලංක (නායක), මොහොමඩ් ෆර්හාන් (උප නායක), මල්ෂාන් ආදිත්‍ය, සාලිය බණ්ඩාර, යූ.ඒ. විමුක්ති, මල්ෂාන් ආදිත්‍ය, සාලිය බණ්ඩාර, යූ.ඒ. විමුක්ති, මෙවන් හිම්සර, සහන් සිතුම්, හිරුවින් ගුරුගමගේ, පුන්සර සඳරුවන්, රයන් සුබසිංහ, ප්‍රශාන් රශ්මික, රුවිඳු වික්‍රමරත්න, අමිඳු කෞශල්‍ය, මනුජ කවීන්, රජිත් වීරසිංහ, ගමිත සඳුවන්, යසිඳු ඩිල්ෂාන්, රුසිරු ලක්ෂිත, ජනිත් ශාමින්ද, ඉසුරු ඩිල්ෂාන්, තඹර කෞශාන්, ඩිලංජන් මානවඩු මහතා (පුහුණුකරු), ජගත් සේමසිංහ මහතා (රග්බි පාපන්දු භාර ආචාර්ය)

රිච්මන්ඩ් සංචිතය:
හේෂාන් ද සිල්වා (නායක), සී.පී. වනිගසේකර (උප නායක), ඕ.සී. රත්නවීර, හසිඳු සංජීව, ඩී.ඒ.කේ. අමරකෝන්, එච්.ඩී. තත්සර, සමිත් ඩිල්ෂාන්, ඉරේෂ් අයන්ත, එච්.ඩී. තත්සර, කේ. ජී. ප්‍රමිත, ප්‍රභාෂ ද සිල්වා, වයි.ටී. එදිරිසිංහ, කේ.එම්. ඩිල්ෂාන්, ඒ.ඩබ්ලිව්. විමලරත්න, ඩබ්ලිව්.ඒ. අස්මඩල, ආර්.කේ. උමගිලිය, එන්.එන්. ද සොයිසා, සී.බී.ජී. බිඟුසර, එන්.එස්. වීරසේකර, මල්ෂ පැතුම්, උදාර සචින්ත, ඒ.වී. මාලිංග, අනිල් මංගල මහතා (පුහුණුකරු), උදාර ආදිහෙට්ටි මහතා (රග්බි පාපන්දු භාර ආචාර්ය)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon