ලඳු කැලෑ මැදින් උතුරේ සිට කතරගමට පූජා සිදු කරන්න බැතිමතුන්ගෙන් පා ගමනක්

  👤  3478 readers have read this article !
By mawbima 2018-06-14

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

කතරගම දෙවියන් උදෙසා පූජා සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දිනවල ඒ - 9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය.

එසේ යාපනය තොණ්ඩමාන්ආරු ප්‍රදේශයේ ජීවත්වන බැතිමතුන් පිරිසක් කැලෑ මාර්ග ඔස්සේ පයින්ම ගමන් කරමින් යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, උහන හරහා කතරගම දේවාලයේ කොඩි එසවීමේ මංගල්‍යය වෙත ගමන් කරන අයුරු දැක ගත හැකි විය.

උහන ප්‍රදේශයේ සිට ලඳු කැලෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94ක දුරක ගමන් කරමින් කතරගම දේවාලය වෙත පිවිසීමට මෙසේ කතරගම දක්වා ගමන් කරන බැතිමතුන්ට සිදුව ඇත.

කතරගම දක්වා ගමන් කරන උතුරේ බැතිමතුන් ජූලි මස 13 වැනි දිනට පෙර ගමන් කිරීමට පියවර ගෙන ඇති අතර එහි කතරගම දේවාලයේ පැවැත්වීමට නියමිත කොඩි එසවීමේ මංගල්‍යය වෙත සහභාගි වීමට නියමිතව ඇත.

සෑම වසරකම කතරගම දෙවියන් වෙනුවෙන් පවතින භක්තිය වෙනුවෙන් උතුරේ වැසියන් පයින්ම කතරගම දක්වා ගමන් කිරීම ආරම්භ කරන අතර එය සාම්ප්‍රදායික චාරිත්‍රයක් නිසාවෙන් එය වෙනස් නොකරන බවටද එම බැතිමත්හු කියා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon