ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (ඉඹ්ඊඛ්) පාඨමාලා අවසානයේදී ‘පරිපූර්ණ ඉන්ජිනේරුවරයකු’ තමයි නිර්මාණය වෙන්නෙ

  👤  3200 readers have read this article !
By mawbima 2018-01-21

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (ඉඹ්ඊඛ්) මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට උසස් පෙළ සමත් ඔබ වෙනුවෙන් හඳුන්වාදෙන විශිෂ්ටත්වය පදනම් කරගත් ඉන්ජිනේරු හා තාක්ෂණික උපාධි ශිෂ්‍යත්ව වැඩසටහනට නවක සිසුන් බඳවාගැනීම මේ වනවිට ආරම්භ කර ඇත. මෙම විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධ ආයතනයක් ලෙසින්ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රතීතනය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ (උට්ඛ්) පිළිගැනීම සහිතවද ආරම්භ වී ඇති අතර, මෙහි අන්තර්ගත උපාධි පාඨමාලාවන් ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ නිර්දේශ මත පදනම්ව වොෂිංටන් සම්මුතියට අනුකූලව මෙන්ම නියාමයන්ට අනුව සකස් වී ඇත. නිසි වෘත්තිය සුදුසුකම් සපිරූ පුද්ගලයන් සඳහා මෙරට සියලුම රැකියා ක්ෂේත්‍රවල ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතියි. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇත්තේද පරිපූර්ණ දැනුමෙන් යුතු ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බිහිකරලීමේ මූලික අරමුණෙනි. උපාධි පාඨමාලාවන් සහ අතිරේක තොරතුරු පිළිබඳව දැන ගැනීමට අප හා සංවාදයට එක් වුණේ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි රංජිත් ජී. රූබසිංහ මහතායි.

මේ වෙනකොට ඉන්ජිනේරු විශ්වවිද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. ඉන්ජිනේරු උපාධි පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේ විශ්වවිද්‍යාලයට ඔහු සුදුස්සකු වෙන්නේ..?

මූලික වශයෙන් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය හරහා උපාධි මාලාවන් දෙකක් සිදුකරනවා. ඒ ඉන්ජිනේරු උපාධිය සහ තාක්ෂණ උපාධියයි. මේ පාඨමාලා ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ (ධ්ඡ්ඉඹ්) නියාමනයන්ට අනුවත් වොෂිංටන් සම්මුතියට අනුකූලවත් සකස් වී තිබෙනවා. ඒ නිසාම මේ පාඨමාලා, ලෝකයේ ඕනම රටක පිළිගන්න මට්ටමට පත්වී තිබෙන බව මුලින්ම කියන්න අවශ්‍යයයි.
ඉන්ජිනේරු උපාධිය හැදෑරීමට අවශ්‍ය වන්නේ භෞතික විද්‍යා අංශයෙන් අවම වශයෙන් ඵ සාමාර්ථයන් තුනක්. තාක්ෂණ උපාධිය සඳහා නම් භෞතික විද්‍යා, තාක්ෂණ, ජීව විද්‍යා හා තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉ සාමාර්ථයන් තුනක්, අවුරුදු 4ක් පූර්ණ නේවාසික උපාධි පාඨමාලාවක් වශයෙන් තමයි ශ්‍රී ලංකාවේ පළමු ඉන්ජිනේරු විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු සිදුවෙන්නේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධිතව මේ වගේ ඉන්ජිනේරු විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ අරමුණ මොකක්ද..?
මේකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ රටේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගත හැකි ප්‍රමාණය සීමිත වීම. ඒ සුළුතරය හැරුණම රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපධියක් හැදෑරීමට තිබෙන අවස්ථාව සෙසු බහුතරයට නොලැබී යනවා. මෙයට විසඳුමක් විදියට විවිධ ආයතන, වෙනත් රටවල් ආයතන සමඟ අනුබද්ධිතව උසස් අධ්‍යාපන පාඨමාලා ආරම්භ කරලා තියෙනවා. අපි ටෙලිකොම් ආයතනය විදියට මෙතැනදී දැකපු දේ තමයි මේ උසස් අධ්‍යාපන ආයතන නියම ප්‍රමිතියෙන් තොරයි කියන එක. ඒ වගේම තමයි අපේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් රටවලට ඇදී යනවා. ටෙලිකොම් ආයතනයට වසර සියයක පමණ ඉන්ජිනේරු තාක්ෂණය ගැන අත්දැකීම් තිබෙනවා. ඒ වගේම 400කට පමණ ආසන්න ඉන්ජිනේරුවන් පිරිසක් මෙහි සේවය කරනවා. මේ සියලුදේත් එක්ක බැලුවම තේරුම් යන දේ තමයි ලංකාව තුළ ඉන්ජිනේරුවන් බිහිකිරීමට විශාල අවශ්‍යතාවක් තිබෙන බව. මේ අවශ්‍යතාවත්, රටේ දියුණුවත්, වර්තමානයට ගැළපෙන වෘත්තීය තත්ත්වයත් දිහා බැලුවම මෙවැනි පාඨමාලාවක අවශ්‍යතාවක් තිබෙන බව හැඟෙනවා.

මේ ඉන්ජිනේරු උපාධි පාඨමාලාවේ සුවිශේෂීත්වය මොකක්ද..?
ඇත්තටම ඉන්ජිනේරුවෙක් කියලා කියන්නේ බිත්ති හතරකින් වටවුුණු වටපිටාවක බිහිවෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඉන්ජිනේරුවාට පුළුවන් වෙන්න ඕන සමාජයේ ප්‍රශ්න දිහා බලලා, ඊට ගැළපෙන විදියේ විසඳුම් ලබාදෙන්න. මේකට ගොඩක්ම වැදගත් වෙන්නේ ඔහු ලබන අත්දැකීම් සහ මෘදු කුසලතා. මේ පාඨමාලාවේදී අධ්‍යාපන කුසලතා වගේම අනෙක් කුසලතාත් දියුණු කරගන්න පුළුවන් ආකාරයට තමයි සැකැස්ම සකස් කරලා තියෙන්නේ.

මූලිකවම මේ පාඨමාලාව අවසානයේදී "පරිපූර්ණ ඉන්ජිනේරුවරයකු" තමයි නිර්මාණය වෙන්නේ. ඒ සඳහා මේ උපාධිය පූර්ණ නේවාසික පාඨමාලාවක් විදියටත්, පර්යේෂණාගාරවල ක්‍රියාකාරකම් සඳහා දීර්ඝ කාලයක් ඒවා විවෘත කර තැබීමත්, නිදහස් සහ අක්කර 35ක සුවපහසු වටපිටාවත්, පහසුකම්වල දියුණුවත් වගේ කාරණා ශිෂ්‍යයාට උපරිම අන්දමින් ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ වගේම තමයි උසස් අධ්‍යාපන ආයතනයක් කියපු ගමන්ම බොහෝ අය හිතන්නේ විශාල මුදලක් වැය වෙනවා කියලා. නමුත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන අයකුට ඉතාමත් පහසු ගෙවීම් ක්‍රමයක් යටතේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. තවත් සුවිශේෂී කාරණයක් තිබෙනවා. 2017 වසරේ එංගලන්තයේ වසරේ විශ්වවිද්‍යාල ලෙසින් තේරී පත් වූ ඹ්චදජචඵබඥප විශ්වවිද්‍යාලයත්, ඕස්ට්‍රේලියාවේ ච්ඥචඬඪද විශ්වවිද්‍යාලයත්, ඊඥයඥය ඊඥජඩ ඊපඪදඪබර ඛ්ධතතඥඨඥ ච්භඡතඪද/ට්ඥධපඨඪච ඊඥජඩ ආදී විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් විදේශීය විශ්වවිද්‍යාල වශයෙන් අපිත් එක්ක සහකාරත්වය දරනවා.

උසස් පෙළ ප්‍රතිඵල මත මේ පාඨමාලාවට ශිෂ්‍යයාට යම් වරප්‍රසාදයක් හෝ ශිෂ්‍යත්වයක් හිමිවනවාද..?
ඔව්. යම් කෙනකුට ඉන්ජිනේරුවකු වීමේ හීනයක් තියෙනවා නම් හෝ ප්‍රතිඵලයක් තියාගෙන මූල්‍යමය තත්ත්වය ගැන පසුතැවෙනවා නම් සැබෑම දක්ෂයකුට ඉන්ජිනේරුවකු වීමට තිබෙන අවස්ථාව මඟහැරී යන්න පුළුවන්. මේ අය ගැන විශේෂයෙන් ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දෙන මේ ශිෂ්‍යත්ව වැඩසටහනේදී සැලකිලිමත් වෙනවා.

 ඒ තුනේ සාමාර්ථය - 100% ශිෂ්‍යත්වය
 ඒ එකේ සාමාර්ථයකට - 30% ගාස්තු අඩු කිරීමක්
 ඕ එකේ සාමාර්ථයකට - 20% ගාස්තු අඩුකිරීමක්
 ඛ් එකේ සාමාර්ථයකට - 10% ගාස්තු අඩු කිරීමක්
විදියට තමයි මේ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි ව්ච්ඕ බැංකුවෙන් පහසු වාරික යටතේ ඇප රහිත ණය ලබාගැනීමේ අවස්ථාවක් ලබාදීලා තිබෙනවා. මේ ණය පහසුකම යටතේ අවුරුදු 8ක් දක්වා ගෙවීමට අවස්ථාව ලබාදීලා තිබෙනවා. මූල්‍යමය අපහසුතාවක් ඇති ශිෂ්‍යකුට අපේ ඉන්ජිනේරු විශ්වවිද්‍යාලය මඟින් මේ හඳුන්වාදෙන ශිෂ්‍යත්ව ක්‍රමය සහ ණය වාරික ක්‍රමය ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ගෙවීම් ක්‍රමයක් බවත් කියන්න අවශ්‍යයයි.

ණය ලබාගැනීමේ හැකියාව සහ ශිෂ්‍යත්ව ක්‍රමය කියන දෙකම එක් වුණහම වාරිකයකට ඉතාමත් සුළු මුදල් ප්‍රමාණයක් තමයි ගෙවීමට සිදුවෙන්නේ. මේ වනවිට අයැදුම්පත් කැඳවලා තිබෙනවා. 2018 පෙබරවාරි 15 වැනිදා දක්වා ඔබට පුළුවන් අයැදුම් කරලා ඉන්ජිනේරුවකු වෙන්න කියන හීනය සැබෑ කරගන්න.
නලිනිකා ලක්ෂාණි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon