මං මේ තැනට ආවේ අභියෝගවලට විශ්වාසයෙන් මුහුණ දුන් නිසා

  👤  3603 readers have read this article !
By mawbima 2018-01-21

කිෂූ ගෝමස් කිව්වම කවුද නොදන්නේ. වෘත්තියෙන් ඔහු ප්‍රධාන විධායක නිලධාරියෙක්. නමුත් ඔහු ඒ කාර්යයට පමණක් සීමා වූවෙක් නෙමෙයි. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන පාඨය ඉතාම අප්‍රසාදයෙන් බැහැර කරන ඔහු පවසන්නේ ශ්‍රී ලාංකික අපිව මේ තරම් අගාධයකට ඇද දමන්න හේතු වුණෙත් එම පාඨය කියලයි. ඒ නිසා ඔහු ඒ මතය බිඳ හෙළමින් අංශ කිහිපයකින්ම තම දක්ෂතාවන් පෙන්වන්න සමත් වුණු පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි.
විටෙක ඔහු ඉතා දක්ෂ මලල ක්‍රීඩකයෙක්. තවත් විටෙක ඔහු හොඳ ගායකයෙක්. චිත්‍ර ශිල්පියෙක්. මෝස්තර නිරූපණ ශිල්පියෙක් සහ ඉතා හොඳ ව්‍යාපාර නායකයෙක් වගේම ශ්‍රී ලාංකිකයෙක්. අවුරුදු 35 වගේ වයසකදී බහුජාතික සමාගමක ඛ්ඡ්ර්ණී පුටුවේ වාඩිවෙන්න ඔහු සමත් වෙන්නේ ප්‍රථම ශ්‍රී ලාංකිකයා විදිහට. අදටත් ඒ වාර්තාව බිඳ දමන්න කිසිවෙකුත් සමත් වෙලා නැහැ.
ඒ වගේම ඔහුගේ තිබෙන සුවිශේෂීම ගුණය වන්නේ නිහතමානී සරල බව සහ කිසිදා වියපත් නොවන කඩවසම් පෙනුම. සැබැවින්ම ඔහුගේ චරිතය ඇසුරෙන් අපේ රටේ තරුණ තරුණියන්ට බොහෝ ආදර්ශයන් ලබා ගන්න පුළුවන්. ඒ නිසාම අපි ඔහුව කඩඉමට එකතු කරගන්න බලාපොරොත්තුවෙන් ගාලු පාරේ පිහිටා තිබෙන ඛ්ඩඥමපධද ඹ්භඡපඪජචදබ ආයතනයට ගියා. එතැන බොහෝ නිස්කලංක තැනක්.
මේ මම ඔහුව මුණගැසෙන සිවුවැනි වතාව. මීට වසර කිහිපයකට පෙර දුටුවා සේම ඔහු තවම කඩවසම්. ජේත්තුවට අඳින්න පලඳින්න කැමැති ඔහු එදත් හරිම ලස්සනට සැරසිලා හිටියා. ඇමෙරිකානු විලාසිතාවක් අනුව ළානිල් පැහැ කමිසයත්, ඊට ගැළපෙන අයුරින් මසා තිබූ නිල් දුඹුරු හා සුදු වර්ණ මිශ්‍ර බ්ලේසර් එකක් සහ ඊට ගැළපෙන්න ඔහු නිල් පැහැ ගලක් අල්ලා තැනූ රිදී පැහැ මුදුවක් පැලඳගෙන සිටියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔහු අපිට ඔහුගේ ජයග්‍රාහී ජීවිතය ගැන පැවසුවේ.
ඔබ ඛ්ඡ්ර්ණී කෙනෙක්. මේ රටේ ඉන්න ප්‍රකට ව්‍යාපාර නායකයෙක්. ඔබ මේ භූමිකාවට අමතරව රියැලිටි තරග විනිශ්චය කරනවා. සිංදු කියනවා. ක්‍රීඩා කරනවා. මේ දේවල් ඔබේ වෘත්තියට ගැළපෙනවාද?
මම බොහොම ප්‍රවේසම් වෙනවා මගේ ප්‍රතිරූපයට හානි සිදුවන ක්‍රියාවන්ගෙන්. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ ඛ්ඡ්ර්ණී කෙනෙක් කරන්න ඕන ඊට අදාළ රාජකාරි පමණයි කියලා. එවැනි ගතානුගතික, හණමිටි අදහස් මගේ ගාව නැහැ. එහෙම ගතානුගතික අය තමයි හිතන්නේ ඛ්ඡ්ර්ණීලට ටෙලිවිෂන් වැඩසටහන්වලට යන්න හොඳ නැහැ. සිංදු කියන්න හොඳ නැහැ ක්‍රීඩා කරන්න, දුවන්න හොඳ නැහැ. පොළට ගිහින් බඩු මලු උස්සන් එන්න හොඳ නැහැ කියලා. මම එවැනි සම්ප්‍රදායික රාමුවක් මා වටා ගොඩනඟා ගෙන නැහැ. ඒ නිසා මට කරන දේවල්වලින් ඛ්ඡ්ර්ණී කියන භූමිකාව තිබෙන ගතානුගතික ප්‍රතිරූපය වෙනස් වුණා කියලා මට ගැටලුවක් නැහැ. මේ දේවල් විතරක් නෙමෙයි මම තව අලුත් වැඩකුත් මේ වෙද්දී කරලා ඉවරයි.
ඒ මොකක්ද?
මම ෆිල්ම් එකකත් රඟපෑවා. දැනට එච්චරයි කියන්නේ. මීට වඩා වැඩි විස්තර කියන්න බැහැ. ඉදිරි වසර දෙක, තුන ඇතුළත මාව රිදී තිරයෙන් බලාගන්නත් පුළුවන් වෙයි.
ඒ කියන්නේ කිෂූ ගෝමස් ඉදිරියේදී රංගනයෙන් දිගටම බලාගන්න පුළුවන් වෙයිද?
එහෙම හරියටම කියන්න බැහැ. මට ආරාධනා බොහොමයක් ලැබිලා තියෙනවා එදා ඉඳන්ම. මම හමීඩියාස් එකේ නිරූපණ කටයුතු කරපු කාලේ මගේ ලස්සන දැන්වීම් පුවරුවක් සවිකරලා තිබුණා නොමැඩ්ස් ග්‍රවුන්ඩ් එක කිට්ටුව. ඒක දැකපු එවක හිටපු දක්ෂ ප්‍රකට රංගන ශිල්පිනියක මට රඟපාන්න කතා කළා. තවත් දවසක් අපේ නිළි රැජන මාලනී ෆොන්සේකා උත්සවයකදී කිව්වා අපි කවදාහරි කිෂූව නළුවෙක් කරනවා කියලා මාත් එතැන සිටියදීම. ඒ වගේ ආරාධනා කිහිපයක් ලැබුණත් මම එදා ඒවා භාරගත්තේ නැහැ. මේ චරිතය මගේ ඇත්තම චරිතය තුළ කරන්න පුළුවන් වුණු නිසා මම එය කළා.
මේක මෙතෙක් කල් ලංකාවේ තිරගත වුණු සෙසු චිත්‍රපට වගේ නෙමෙයි. ඊට වඩා බොහෝ වෙනස්. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවැනි චිත්‍රපටයක් කෙරුණේ.
රියැලිටි වැඩසටහන්වල ඔබ අනුන්ව විනිශ්චය කරන කෙනෙක්. නමුත් සමාජය ඔබව කොයි විදිහටද විනිශ්චය කරන්නේ?
රියැලිටි වැඩසටහන් තුළදී මම තරගකරුවෝ සහ ඔවුන්ගේ දක්ෂතා සහ දුර්වලතා හඳුනාගෙන මගේ ඇස්තමේන්තුව හා මගේ ප්‍රකාශනය ලබා දෙනවා. මේ රටේ ජීවත්වන සාමාන්‍ය පුරවැසියන් විදිහට කවුරු හෝ මාව විනිශ්චය කරනවා නම් ඒ විනිශ්චය ලබා දිය යුත්තේ මම මගේ රට හා මගේ මිනිස්සු වෙනුවෙන් කොපමණ අගයක් එකතු කොට තිබෙනවාද යන්න ගැන හිතලයි. එහෙම නැතිව කිෂූ ගෝමස් කන බොන විදිහ, කතා කරන, ඇවිදින, අඳින පලඳින දිහා බලලා නෙමෙයි.
ඔබ අද ඉන්න තැනට එන්න වඩාත් ඉවහල් වුණේ අධ්‍යාපනයද එහෙම නැත්නම් ප්‍රායෝගික දැනුමද?
අධ්‍යාපනය වැදගත් වෙනවා කෙනෙක්ට රස්සාවක් ලබා ගන්න සුදුසුකමක් විදියට. ඒ ලබාගත් රැකියාවේ එක්තරා මට්ටමකට එන තෙක් අධ්‍යාපනය ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ඒ මට්ටම පහුකරලා යන්න නම් ප්‍රායෝගික දැනුම, අත්දැකීම් වගේ දේවල් අවශ්‍යයි. ඇත්තටම අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට න්‍යායික අධ්‍යාපනයෙන් 1%ක් විතරනේ අපිට භාවිත වෙන්නේ. අනික් 99%ම සාමාන්‍ය ජීවිතයෙන් ප්‍රයෝගිකව අහුලා ගන්න දේවල්නේ.
මම මගේ දැනුම ප්‍රසාරණය කරගත්තු එක අවස්ථාවක් ගැන කියන්නම්. ලංකාවේ තියෙන ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතකට මම ඕඪල ඊචතඬ ඹඪබඩ ඬඪඵඩභ ට්ධථඥඵ කියලා කොලමක් කළා වසර 07ක් එක දිගට. ඉතින් මම හැමදාම අලුත් දේවල් හොයා ගත්තා. ඒ සොයා ගත්තු දෙයින් අනික් අයටත් ප්‍රයෝජනයක් ලැබෙන විදිහට ලිව්වා. මම යම් දෙයක් සොයා ගත්තම. ඒක විශ්ලේෂණය කරලා තර්ක කරලා බලනවා ඒ තුළ මොකක්ද තියෙන්නේ කියලා. ඉන්පසුව ඒක එළියට අරගෙන, මේක හරි, මේක තමයි යථාර්ථය කියලා තමයි ලිව්වේ. මිනිස්සුන්ගේ චින්තනය, ආකල්ප, හැසිරීම, සුබදායීව වෙනස් කිරීම වෙනුවෙන් තමයි මම මගේ දැනුම ඒ ආකාරයට ප්‍රසාරණ කරගත්තේ.
ඒ කියන්නේ ඔබට ලියන්නත් පුළුවන්. ඒ හැර තවත් මොනවගේ කුසලතාවන්ද තියෙන්නේ?
පුංචි කාලේ මම රේඩියෝ එකේ යන සිංදු අහලා මමත් ඒ වගේම කියනවා. ඉතින් ගෙදර හැමෝම ඒක අගය කළා. මගේ ආච්චි අම්මා මගේ හැකියාව දැකලා මාව පන්සලට එක්කගෙන ගිහින් පොඩි හාමුදුරුවන්ට හඳුන්වලා දුන්නා. මේ ඉන්නේ මගේ මුනුපුරා, ලස්සනට සිංදු කියනවා කියලා. ඉතින් ඊට පස්සේ මට පන්සලේ උත්සවවලදී ගීත කියන්න අවස්ථාව දුන්නා. අදටත් මගේ ගාව පාසල් සමස්ත ලංකා ගායන තරගවලින් ප්‍රථම ස්ථානය ලබා ගත් සහතික තිබෙනවා. ගායනා විතරක් නෙමෙයි චිත්‍ර ඇඳලත් සහතික දිනාගෙන තියෙනවා.
චිත්‍රත් ඇන්දද?
මම පාසලේදී විෂයක් විදියට හැදෑරුවේ චිත්‍ර විෂය. මගේ අම්මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඇය අඳිනවා බලන් ඉඳලා තමයි මමත් චිත්‍ර ඉගෙන ගන්න ආසාව ආවේ. පන්තියේ සිංහල පාඩම් උගන්වද්දී මට තමයි ගුරුතුමිය කවි ගායනා කරන්න කියන්නේ. එහෙම මගේ කවි ගායනා අහන් ඉඳපු ගුරුතුමිය මට කිව්වා ඔයා චිත්‍ර නෙමෙයි ඔයා කරන්න ඕනා මියුසික් කියලා. එහෙම කියලා මාව සංගීත ගුරුතුමා ගාවට යැව්වා. මට ගුරුතුමා කවියක් කියන්න කිව්වා. ඊට පස්සේ සංගීතය ඉගෙන ගන්න ළමයි සේරම ඉද්දි චිත්‍ර කරන මාව සමස්ත ලංකා කවි ගායනා තරගවලට යවනවා.
ඉතින් දිනුවද?
ඔව්. ඉතිං එදා මමයි තව පිරිමි ළමයි දෙදෙනෙකුයි වගේ තමයි හිටියේ. අනිත් සේරම ගැහැනු ළමයි. ඒ අය බොහොම විශිෂ්ට අන්දමින් ගායනා කළා. මගේ ගැන මට ලැජ්ජාවක් සහ බයක් ඇතිවුණා. මගේ වාරය ආවා. තාල පහකින් ගායනා පහක් කරන්න කිව්වා. මම ඉතින් බලාපොරොත්තු සුන්කරගෙන ගායනා කළා. මට ඕන වුණේ කවි ටික කියලා ඉක්මනට එතැනින් යන්න. ඒ නිසා මම ඉවරවුණු ගමන් ගුරුතුමියටවත් නොකියා පැනලා ආවා. පහුවදා පාසලේ උදෑසන රැස්වීමේදී විදුහල්පතිතුමා මගේ නම කිව්වා. මම හිතුවා එදා නොකියා ආපු එකට දඬුවම් කරන්න කියලා. නමුත් මට කතා කරලා, මාව අගය කරලා මට සමස්ථ ලංකා ගායනා අංශයේ ප්‍රථමයාට හිමි සහතිකය දුන්නා.
කොහොමද මලල ක්‍රීඩාවට යොමු වුණේ...?
මම හොඳට සාමාන්‍ය පෙළ සමත් වුණා. ඊට පසුව ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න තෝරගත්තා. ඒ වෙද්දී මගේ ආසාව ක්‍රීඩාවට යොමු වෙලා තිබුණේ. විශේෂයෙන් මලල ක්‍රීඩාවට
උසස් පෙළ කරනවාට වඩා කැමැත්තෙන් ක්‍රීඩාද කළේ එතකොට?
ඇත්තටම ඔව්. මගේ අම්මටයි තාත්තටයි වඩා මගේ බාප්පට අවශ්‍ය වුණා මම විභාගය හොඳින් සමත් වෙලා විශ්ව විද්‍යාලයට ගිහින් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. මම ඉගෙන ගත්තේ මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලයේ. මගේ බාප්පා පදිංචි වෙලා හිටියේ කටුබැද්දේ විශ්ව විද්‍යාලය ගාවම. බාප්පට තේරුණා මම ඉගෙන ගන්නවාට වඩා ක්‍රීඩාවට උනන්දුයි කියලා. ඒ නිසා කොළඹ ආනන්දෙ ගණිත අංශයෙන් හො¼දට ලකුණු අරගෙන මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු අංශයට තේරුණු බාප්පගේ හොඳම යාළුවෙක්ගේ පුතෙක්ව මගේ කාමරේ නතර කෙරෙව්වා මම ඔහුගෙන් ඉගෙන ගනිවි කියලා. නමුත් අවසානයේ වුණේ මම දන්න දේ ඔහුට උගන්වපු එක.
මම ඔහුව උදේම නැගිට්ටවගෙන දුවන්න පටන් ගත්තා. ඉස්කෝලේ ටිරොන් ෆර්නෑන්ඩු ස්ටේඩියම් එකට ගිහින් ගැහැනු ළමයින්ට පේන්න අපි දෙන්නා ග්‍රවුන්ඩ් එකෙන් පිට දිව්වා. ඒ දවස්වල ඉතින් යොවුන් වයසනේ. අන්තිමට මගේ කාමරේ සගය වජිර ඔහුත් මට සහයෝගය දුන්නා.
විශේෂයෙන් මට බාප්පාගේ මඟපෙන්වීම වැදගත් වුණා. ඔහු මනෝ විද්‍යාඥයෙක්. ඔහු විදුහල්පතිවරයෙක්. කොළඹ රාජකීයෙත් ඔහු විදුහල්පතිව හිටියා. ඔහුගේ මෙහෙයවීම, දැක්ම මට ඇත්තටම සුබවාදීව බලපෑවා.
එතකොට මොඩ්ලින් කරන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මට මතක විදිහට 1988 /89 වගේ කාලේ. මම මලල ක්‍රීඩකයෙක් විදිහට දක්‍ෂතා පෙන්නුවා. මම කඩුලු පැනීමෙන් තමයි බොහෝ දක්‍ෂතාව දැක්වූවේ. පොලිස් ග්‍රවුන්ඩ් එකේදි මම නිවැරදි තාක්‍ෂණයෙන් මගේ හර්ඩ්ල් එක ඉවර කරනකොට කැමරා 10ක් 15ක් වගේ ඡායාරූප ගත්තා. පසුව එක් ඡායාරූප ශිල්පියෙක් මාව හොයාගෙන ඇවිත් ඒක දැන්වීමකට ගන්නද ඇහුවා. කොල්ලා කාලෙනේ. මාත් කැමැති වුණා. ඊට පස්සේ ඒක දැකපු අනෙක් අය මට ආරාධනා කළා. නිරූපණ ක්‍ෂේත්‍රය ගැන හරියට නොදන්න කාලේ මම ඕල්ඩ් ඇරක් දැන්වීම් වලටත් පෙනී සිටියා.
ක්‍ෂේත්‍ර ගණනාවක නිරත වුණු ඔබ කොහොමද ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට ආවේ?
ඒ කාලේ ලෝකය අද වගේ නෙමෙයි. අපිට දැනුම හොයන්න තිබුණු මාර්ග අඩුයි. ලෝකය දකින්න ලැබුණු අවස්ථා අඩුයි. අපි අහන, දකින දේ තුළ තමයි මෙහෙය වුණේ. මම ඉස්කෝලෙන් ඉවත් වෙලත් නැහැ. එතකොට මම දවසක් රාවතාවත්ත හන්දියේදී දකිනවා කඩවසම් තරුණයෙක් කාර් එකක ඇවිත් ටවුන් එකේ පිරිසක් සමඟ කතා කරනවා. ඔහු හරිම ලස්සනට ටයි එකක් එහෙම දාලා ඇඳගෙන හිටියා.
හැමෝම ඔහු දිහා බලනවා. ඒ කාලේ ඒ වගේ පර්සනලිටීස් දකින්න ලැබෙනවා හරිම අඩුයි. මම පසුව දැන ගත්තා ඔහු අලෙවි ප්‍රවර්ධන අංශයේ රැකියාවක් කරන කෙනෙක් බව. ඉතිං මම ඒ ගැන හොයන්න පටන් ගත්තා. ඉන් පසුව තමයි මම කොකාකෝලා ආයතනයේ රැකියාවකට අයැදුම් කළේ.
ඔබ වසර 11ක් එම සමාගමේ රැකියාව කළා?
ඔව්. ඔවුන් මාව සම්මුඛ පරීක්‍ෂණයෙන් තෝරා ගත්තා. එදා ඉන්ටර්විව් ආවේ බස් එකෙන්. නවලෝක රෝහල ගාව තමයි කොකා කෝලා සමාගම තිබුණේ. මම ටවුන් හෝල් බැස්සම, එක පාරට ලොකු වැස්සක් ආවා. මම විනාඩි 45කට කලින් ආපු නිසා පොඩ්ඩක් වැස්ස පායනකන් බස් හෝල්ට් එකේ හිටියා. නමුත් වැස්ස පායන පාටක් නොතිබුණු නිසා මම එතැන ඉඳන් වැස්සෙම දුවගෙන ගියා ප්‍රමාද වෙයි කියලා. මම තෙමිච්චි කුකුළා වගේ එතැනට ගියාම අනෙක් අය බොහොම ලස්සනට පිළිවෙළට ඇඳගෙන හිටියා.
මට දැන් හිතට හරි නැහැ. මම ලේන්සුවෙන් පිහගෙන මගේ වාරය එනතෙක් හිටියා. මට කතා කළා. මම ඇතුළට ගියා. මගෙන් ප්‍රශ්න මුකුත් ඇහුවේ නැහැ. අපි ඔයාව තෝර ගත්තා කිව්වා. මට හිතාගන්න බැරි වුණා. මට ඔවුන්ව නොපෙනුණාට කළු කරපු කාමරය ඇතුළෙන් ඔවුන් මාව නිරීක්‍ෂණය කොට තිබුණා. වේලාවට එන්න ඕන නිසා වැස්සෙම දුවගෙන ආපු මගේ කැපවීම ඔවුන් අගය කරලා. ඔවුන්ට අවශ්‍ය ඒ වගේ අය කියලා මාව ඔවුන් රැකියාවට ගත්තා.
ඇයි එතැනින් ඉවත් වුණේ?
ඇත්තටම මට කොකා කෝලා සමාගමෙන් ඉවත් වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. වසර 11ක් මම එතැන. ඒ වෙද්දී මට එහි ඉතා හොඳ තැනක් තිබුණා. විශේෂයෙන් විදේශීය කළමනාකාරීත්වය මගේ ගැන ලොකු ප්‍රසාදයකින් හිටියේ.

මම වියට්නාම් ගිහින් ලොකු වැඩක් කරලා ආවා විතරයි මම කැල්ටෙක්ස් ආයතනයේ රැකියා ඉල්ලුම් පත්‍රය දැක්කා. මම ඒක දැකපුවම හිතුණේ ඔවුන් කතා කරන්නේ මටමයි කියලයි. මම නිකන් ජොලියට වගේ අයැදුම් කළා. යන්න හිතන් නෙමෙයි.
පසුව මට ඉන්ටර්විව් කැඳෙව්වා. ලස්සන කොළයක පෙට්‍රෝලියම් මුද්‍රාව ගහලා විදේශිකයන් අස්සන් කරලා තමයි ලිපිය ආවේ. තරු පහේ හෝටලයක් වුණු ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ තමයි ඉන්ටර්විව් තිබුණේ. මට ඒක ටිකක් වෙනස් විදිහට දැනුණා. ඒ නිසාම මම ඉන්ටර්විව් ගියා. පැනල් එකේ හිටියේ විදේශිකයෝ. කොහොම හරි පළවෙනි එකෙන් මාව සමත් වුණා. දෙවැනි වර කැඳව්වම ඒකෙනුත් සමත් වෙලා රැකියාවට එන්න කිව්වා. නමුත් මම ඉතින් යන්න බලාගෙන ඇප්ලයි නොකරපු නිසා ඔවුන්ගෙන් කාලය ඉල්ලුවා. මම ගෙදර ගිහින් බිරියට කියපුවහම ඇය කිව්වා කොම්පැනිය මාරු කරලා බහුජාතික සමාගමක විදේශීයයන් සමඟත් රැකියාව කරලා බලන්න කියලා. ඇත්තටම එදා මගේ නෝනා කියපු දේ නිසාම තමයි මම අලුත් රැකියාව භාර ගත්තේ. ඊට අමතරව ඔවුන් මට ඒ රැකියාවෙන් ඉදිරියට යන ආකාරයත් පෙන්නුවා. එයත් එක් හේතුවක් වුණා. මම එදා සම්බන්ධ වුණේ ජාතික වෙළෙඳ කළමනාකාර විදිහට. අද ඉන්නේ ප්‍රධාන විධායක නිලධාරි විදිහට.
මම හිතන්නේ ඔබ අදටත් බහුජාතික සමාගමකට එක්වුණු ලංකාවේ ප්‍රථම තරුණම ප්‍රධාන විධායක නිලධාරියා. ඒ රෙකෝඩ් එක තවම එහෙමමයි නේද?
ඔව්. තවමත් කිසිවෙක් ඒ වාර්තාව බිඳලා නැහැ. මම වයස 35න් තමයි ඛ්ඡ්ර්ණී තනතුර භාර ගත්තේ. ඛ්ඩඥමපධද ඹ්භඡපඪජචදබඵ කියන්නේ බහුජාතික දැවැන්ත ව්‍යාපාරයක්. මට අවුරුදු 35 වගේ තරුණ වයසකදී ඒ වගේ මල්ටි නැෂනල් කොම්පැනි එකක ප්‍රධාන විධායක නිලධාරියා වීමට ලැබීම විශේෂයි. ඒ වගේම ප්‍රථම වරට තමයි බහුජාතික සමාගමක ඛ්ඡ්ර්ණී විදිහට ශ්‍රී ලාංකිකයෙක්ට අවස්ථාව ලැබෙන්නේ.

ලොකු වගකීමක් නිසා බාධා අභියෝගත් ඇති?
නිතරම මට අභියෝග එනවා. මතුපිටින් නොපෙනුණාට මම ඉතා නිර්භයව, ආත්ම විශ්වාසයෙන් යුතුව සූක්‍ෂ්ම අයුරින් ඒවාට මුහුණ දෙනවා.
ලොකු තනතුරු ලැබෙනකොට ලොකු වැටුපක් ලැබෙනවා. එවිට අවශ්‍යතා වැඩිවෙනවා. කොහොමද ඒ දේවල් කළමනාකරණය කරගන්නේ?
මම කියන්නේ තමන්ට වියදම් කරන්න දන්නේ හරි විනයක් නැතිව කරුණා කරලා හම්බ කරන්න එපා කියලයි. මේක ප්‍රායෝගික නෑ කියලා කෙනෙක්ට හිතුණත් මම කියන්නේ ඇත්ත. මේ ලෝකේ ඉන්න සෑම ධනවතෙක්ම ධනවත් වෙලා ඉන්නේ සල්ලි උපයපු නිසා නෙමෙයි, උපයපු ධනය හරි ක්‍රමයකට වියදම් කරපු නිසයි. තමන් උපයන ප්‍රමාණය අනුව අවශ්‍යතා හදා ගත්තම ප්‍රශ්න අඩුයි.

ඔබ වැනි තවත් ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්නවා. ඒ අයගෙන් ඔබ විශේෂ වෙන්නේ කොහොමද?
මම නිතරම මට තියෙන සියලුම දක්‍ෂතා භාවිත කරනවා. ඒ වගේම මම මේ සමස්ත සමාජයේ හැම තරාතිරමක් සමඟම පාලම් තනාගෙන තියෙන කෙනෙක්. මම ගමේ කඩපිලේ සිට අතිශය නිර්ධන පන්තියේ මිනිසාගේ සිට මේ රටේ ඉන් ධනේශ්වර සමාජයේ ධනවත්ම ප්‍රභූවරයන් දක්වාම ආමන්ත්‍රණය කරන ස්පර්ශ කරන කෙනෙක්. ඒකයි මගේ වෙනස.

අතීතය මතක් කරන්න කැමැතිද?
අපෝ ඔව්. අතීතය අමතක මිනිහෙක් මුදුන් මුලක් නැති ගහක් වගේ. මගේ ගෙදර ගැහැනු තුනයි. පිරිමි තුනයි. මම පවුලේ දෙවැනියා. ගම මොරටුව. තාත්තා මොරටුවේ. නමුත් තාත්තා වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්. ඔහු මාතරට යනවා ඡායාරූපාගාරයක් පටන්ගන්න. එහිදී අම්මා මුණගැහිලා විවාහ වෙලා එහෙ පදිංචි වෙනවා. මාව ලැබෙන්නේ එහිදී. ඒ නිසා මගේ උප්පැන්නේ තියෙන්නේ ගම මාතර උයන්වත්ත කියලයි.

ඔබව දිරිගන්වනසුලු තීන්දු තීරණ ගන්න උදවු කරන බිරිය ගැනත් මතක් කරමු නේද?
ඇය ෂමී ගෝමස්. අපි පෙම් සබඳතාවකින් විවාහ වුණේ. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා කුෂෙල්. දෙවැනියා ෂෙනාල්. අපේ ගෙදර සියලුම දෙනාට එක මාසයක් හරිම විශේෂයි. මොකද මගේ සහ බිරියගේත් ලොකු පුතාගේත් උපන් දිනය එකම මාසේ එකම දිනයේ ඒ කියන්නේ නොවැම්බර් 14. මගේ දෙවැනි පුතත් නොවැම්බර්මයි. ඔහු 06 වැනිදා.
ඉස්සර අපි යාළුවෙලා ඉද්දි ලියුම් ලියනවානේ. එයා මගේ උපන් දිනය අහලා එව්වම මම නොවැම්බර් 14 කියලා ලියලා එයාගෙනුත් උපන් දිනය අහලා යැව්වම එයා හිතනවා මම මගේ දවස 14 කිව්වේ එයාගේ දිනය දැනගෙන විහිළුවට කියලා. ඒ නිසා ඇය ඇගේ උපන් දිනේ අප්‍රේල් පළවෙනිදා කියලා ලියලා එවලා තිබුණා. පසුව ඇය දැන ගන්නවා මගේ උපන් දිනයත් ඇගේ දිනයේමයි කියලා. එය අපිට හරිම සුවිශේෂීයි.

සාමාන්‍යයෙන් මොනවගේ පොත්පත්ද කියවන්නේ?
මම ඉතා ආසාවෙන් කියවන කෙනෙක්. දැනුත් මගේ ගාව පොත් කිහිපයක් තිබෙනවා. මේ දිනවල කියවන අධඡඪද ඉඩචපථච ගේ එඩධ ඹඪතත ඛ්පර එඩඥද රධභ ච්ඪඥ, ඒ.පී.ඒ. ගුණසේකරගේ බයෝග්‍රෆි එක හෙරොව්පතානේ පළවෙනි ඩියාරෝ (ච්අර්ණී) සහ ඩොක්ටර් ර්ථී.අ.ව්. ඉඪදඩච ගේ ර්චදචඨඪදඨ ඩ්ඥචපබ ර්ථීපධඡතඥථඵ තමයි මේ දිනවල අධ්‍යයනය කරන්නේ.

ඔබ බොහොම ලස්සනට විලාසිතා කරන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් මොනවගේ සන්නාමයන්ටද කැමැති?
මම ඕපචදඤඵවලට ලොකු නැඹුරුවක් තියෙනවා. නමුත් ඒ පුහුමාන්නය නිසා නෙවෙයි. ඒවායෙහි තිබෙන ගුණාත්මක බව නිසා. සාමාන්‍යයෙන් මම ඕපචදඤඵ කිහිපයක් භාවිත කරනවා. ඡ්දමධර තමයි බොහෝවිට කමිස. ර්ථීචපඬ ඒමඥදභඥ ඉභඪබඵ අඳිනවා. ඔරලෝසු නම් ඊචඨ ඩ්ඥභඥප තමයි. ඊට අමතරව ඊඪටටචදර'ඵ ආභරණ, ර්ථීචභත ඉථඪබඩ ඉඩධඥඵ ඩ්භඨධ ඕධධඵ, ධ්ඵ ඵඥර ර්ඪරචඬඥ වැනි සුවඳ විලවුන් ර්ධදබ ඕතචදජ වැනි සන්නාමවල දේවලුත් භාවිත කරනවා. සාමාන්‍යයෙන් මම විවිධ වර්ණ යෙදූ ගල් සහිත මුදු පලඳිනවා. කාර්යාලය හැර අනික් ගමන් වලට මම මගේ ඇඳුමේ වර්ණයට අදාළව ගලක් පැලඳූ මුදුවක් දමනවා. ඇතැම් කමිසවල මම මගේ නමේ අකුරු භාවිතා කරලා ම්ට් කියලා මහනවා. මම හරියට ඇඳුම්වල නිමාව සහ මගේ ශරීරයට එය ගැළපීම බලනවා.

විලාසිතා තුළින් පෞරුෂයට යහපත් බලපෑමක් එල්ල වෙන බවට ඔබ විශ්වාස කරනවද?
අර කතාවක් තියෙන්නේ ඹ්ධමඥ චබ ටඪපඵබ ඉඪඨඩබ කියලා. අන්න ඒ වගේ අපි කෙනෙක්ව මුලින් දැකලා ගතවන පළවෙනි විනාඩි පහ ඇතුළත අපිට ඒ පුද්ගලයා ගැන යම් විනිශ්චයකට එන් පුළුවන් ඒ පුද්ගලයා ඇඳලා පැලඳලා ඉන්න විදිහ බලලා. පසුව තමයි අපි ඒ දේවල් හරිද වැරැදිද කියලා තහවුරු කරගන්නේ. ඇඳුමෙන් පැලඳුමෙන්ම කෙනෙක් කෙනෙක්ව මනින්න බැහැ තමයි. නමුත් පිළිවෙළට ලස්සනට තැනට ගැළපෙන්න අඳින එක පුද්ගල පෞරුෂයට ධනාත්මකව බලපානවා. නමුත් අඩුවෙන් පෙන්වීම අවාසියක් වගේම වැඩිපුර පෙන්වීම පුහුමාන්නයක්. ඒ නිසා මධ්‍යස්ථ වීම තමා වඩාත් හො¼ද.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon