කෝපි කෝප්පෙ සල්ලි ඉතුරු කරලා ගෙවල් හීනය හැබෑ කරගත් ඕස්ට්‍රේලියානු සිංහලයා

  👤  3743 readers have read this article !
By mawbima 2018-01-21

යම් දෙයක් කිරීමට අපිට වුවමනාවක් තියෙනව නම්, ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අපිට ස්වභාවධර්මයාගෙන්ම ලැබෙනවා. ඒ බවට හොඳම උදාහරණය වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන කොට්ටව කියන අපූරු ගමට මාස දෙකහමාරක් ඇතුළත ගෙවල් 5ක් සාදා ජනතා අයිතියට පත් කිරීම. ඔබට මතක ඇති අපි මීට මාස කිහිපයකට පෙර 'කෝපි කෝප්පයෙ සල්ලි ඉතිරි කරලා ගෙවල් 40ක් අනුන්ට හදන ඕස්ට්‍රේලියාවේ සිංහලයා' යන මැයෙන් ලිපියක් පළ කළා. ඒ ලිපියේ මූලික හරය වුණේ ර්ණීදඥ ඛ්ධටටඥඥ ඛ්චථනචඪඨද කියන තේමාව යටතේ එකතු කර ගත් මුදල්වලින් නිවාස හදලා දෙන එක. කුඩා කාලයේ ඉඳන් බොහෝ දුක්විඳලා ජීවිතය ගොඩනඟා ගත්ත දුලාන් ආසිරි හෙට්ටිආරච්චි කියන අපූරු පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් ඉන්න අතරතුරේ ඔහුට අපූරු සංකල්පනාවක් පහළ වෙනවා. ඒක තමයි ඕස්ට්‍රේලියාවේදී නම් සාමාන්‍යයෙන් දවසකට කෝපි කෝප්ප 5ක් 6ක් වගේ බොනවා. ඉතින් මේ එක කෝපි කෝප්පයකට ඕස්ට්‍රේලියානු ඩොලර් 8 - 10ක් වගේ වියදම් කරන්න වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදල්වලින් නම් රු.1,200ක් විතර වියදම් කරන්න වෙනවා. මේ එක කෝපි කෝප්පයක් වෙනුවෙන් වැය කරන මුදල් එකතු කරලා ලංකාවේ අහිංසක කාට හරි ගෙයක් හදලා දෙන්න ඕන කියන අපූරු සංකල්පය අද වෙද්දී යථාර්ථයක් බවට පත්වෙලා. තමන්ගෙ යාළුවන්ට කියලා මුදල් එකතු කරලා මේ වෙද්දි ගෙවල් 7ක් හදලා ඉවරයි. ඒ සංකල්පයේ හිමිකරු වුණු දුලාන් ආසිරි හෙට්ටිආරච්චි අපි එක්ක එකතු වුණේ යථාර්ථයක් බවට පත්කරගත් තමන්ගේ සිතිවිලි ගැන කියන්න.

මම මුලින්ම ස්තුති කරන්න කැමැතියි 'මව්බිම' පත්තරේට. 'මව්බිම' පත්තරෙන් තමා ලොකුම සහයෝගය දුන්නේ. මං මේ දේ කරන්න කලින් පත්තරේ අය හමුවෙලා කතා කරද්දි ඒ අය මගෙන් ඇහුව පළමුවැනි ප්‍රශ්නය තමයි කොච්චර කාලයක් යනවද මේ ගෙවල් භාර දෙන්න කියලා. මම කිව්වේ මං මාස දෙකහමාරක් ඇතුළත මේ ගෙවල් 5 භාර දෙනවා කියලා. මං ඒ භාරගත්ත අභියෝගය ඉවර කරලා ගොඩක් සතුටින් තමයි මේ කතා කරන්නේ. දැන් මට හිතෙනවා ගෙවල් 40ක් නෙමෙයි 100ක් වුණත් හදන්න පුළුවන් කියලා. මොකද මං මේ වැඩේ කරන්න පටන් ගද්දි ගොඩක් අය මගෙන් ඇහුව්වා මාස 2ක් 3ක් ඇතුළත කොහොමද ගෙවල් හදන්නෙ කියලා. මං අද වෙද්දි ඒ දේ කරලා පෙන්නලා හැමෝටම ආදර්ශයක් දීලා තියෙන්නේ. අනෙක් දේ තමයි දැන් ගොඩක් තරුණ අය අපේ වැඩෙත් එක්ක එකතු වෙලා. එයාලත් මේ දේ කරන්න පටන් ගෙන. එයාලත් අලුත් සංකල්පනා හදලා ඒවගෙන් සල්ලි එකතු කරලා, ගෙවල් හදන්න පටන් අරගෙන. සමහරු සිගරට් බොන සල්ලි එකතු කරලා. ඒ වගේ අලුත් දේ ගොඩක් කරන්න පුළුවන් තරුණ පිරිසක් තමයි අද ලංකාවේ ඉන්නේ. ඒ ගැන කියන්නත් ඇත්තටම සතුටුයි.

මට මේ ගෙයක් හදන්න වියදම් වුණේ රු.5,00,000 වගේ මුදලක්. සමහරුන්ට ඒ ගැන හිතාගන්නත් අමාරු ඇති. නමුත් මට ඒ දේවල් කරගන්න පුළුවන් වුණේ ගම්වැසියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණු නිසා. ගාල්ලේ නේවි කෑම්ප් එකේ අයගේ ශ්‍රම දායකත්වයත් මේ වැඩේදි උපරිමයෙන් ලැබුණා. ඒ වගේම ගමේ ග්‍රාමසේවක මහත්තයත් ලොකු සහයෝගයක් දුන්නා. මම කරපු ආරාධනාවකට මෙල්බර්න් ඩැංගිඩොන් නගරාධිපති ලංකාවට ආපු වෙලාවේ ගිහින් තමයි මේ ගෙවල්වලට මුල්ගල තිබ්බේ. මං හිතුවෙ නෑ මට මාස දෙක හමාරකින් මේ වැඩේ කරන්න පුළුවන් වේවි කියලා. හැම හොඳ වැඩකටම දෙවියන්ගෙ ආශීර්වාදය ලැබෙනවා වගේ මටත් මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. සමහර අය හිතාගෙන හිටියෙ දේශපාලනේ නැතිව මුකුත් කරන්න බෑ කියලා. මං අද ඒක කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. රජ පෙළපතකින් පැවැත එන ඔභඵඩඪ කදඪ කුමරිය ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ මම මේ නිවාස විවෘත කරන්න කියලා ආරාධනා කළා.

ඔවුන්ව අපේ දුප්පත් ගමට එක්කන් යන්න ලැබුණු එක විශාල සතුටක්. ඒ ගෙවල් හම්බ වෙච්ච අය අද ගොඩක් සතුටින් ඒවා භුක්ති විඳිනවා. ඒ දේවල් දකිද්දී මගේ ඇස්වලට කඳුළුත් එනවා. තවත් වැදගත් කාරණාවක් නම් ඒ ගෙවල් හම්බවුණු ගොඩක් අය දුම්වැටි/ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු අය. දැන් ඒ අය ඒ හැම දුසිරිතෙන්ම අයින්වෙලා ගමේ අනෙක් අයටත් අවවාද දෙන තැනට පත්වෙලා ඉන්නෙ. ඒක හරි සුන්දර දෙයක්. මොකද අපි කොච්චර අලුත් ගෙයක් දුන්නත් ඒ ගෙදර සුන්දරකම නැති කරන්න බේබදුකමට පුළුවන්. එක ගෙදරක් භාර දෙන්න කලින් මං බලන්න යද්දි එක්කෙනෙක් මගෙන් අහිංසක ඉල්ලීමක් කළා... "සර්, මං හොඳට බීපු මනුස්සයෙක්. මගේ බිරිය කියන දේවත් ඇහුවෙ නෑ. නමුත් මං අද බොන එක නවත්තලා. මොකද මේ පළාතෙ තියෙන ලස්සනම ගෙයක් මට තියෙනවා. මොකටද මං තවත් බොන්න වියදම් කරන්නෙ. මට පුළුවන් නම් කැටයක් ගෙනත් දෙන්න මං බොන්න වියදම් කරපු සල්ලි කැටයකට එකතු කරලා දඹදිව යනවා කවදාහරි." ඒක හරි අහිංසක ඉල්ලීමක්. ආදර්ශයත් නිවැරැදි මඟ පෙන්වීමත් එක්ක ඕනෑම කෙනෙක් හොඳ මාර්ගයට ගන්න පුළුවන්.

මට අවශ්‍ය වෙලා තියෙන්නෙ මං මේ ගෙවල් හදන එක සමාජයේ මං වගේ අනෙක් තරුණ පිරිසට කියලා වැඩි වැඩියෙන් කරවීමත් ඒ තුළින් ආකල්පමය වෙනසක් සමාජගත කිරීමත්. අර මීට කාලෙකට කලින් ආපු ධ්ජඥ ඕභජඬඥබ ඛ්ඩචතතඥදඨඥ එක වගේ මේකත් ලංකාව පුරා ව්‍යාප්ත කිරීම තමයි මගේ අරමුණ. ඒ තරුණ පරපුරට පුළුවන් එයාලටම කියලා සංකල්පයක් ගොඩ නඟාගෙන සල්ලි එකතු කරලා ගෙවල් හදන්න. මගේ ර්ණීදඥ ඛ්ධටටඥඥ ඛ්චථනචඪඨද කියන සංකල්පය එක්සත් ජාතීන්ගේ සමාජ වගකීම් පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයටත් ඉදිරිපත් කළා. ඒකත් මං ලබපු හොඳ ජයග්‍රහණයක්. ඉදිරියටත් මම මගේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. ඍඪඵඪබ ර්ධබඩඥපතචදඤ වගේ වැඩසටහන් කරලා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීමටත්, පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලෝකයේ දිගම මිනිස් දම්වැල එක් කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒවා ගැනත් ඔයාලට ඉදිරියේදි 'මව්බිම' පත්තරෙන් බලාගන්න පුළුවන් වෙයි.

දුලාන් කතාව අවසන් කළේ අලුත් බලාපොරොත්තුවක් එක්ක. නිකරුණේ වියදම් කරන සල්ලි තව කෙනකුගේ හෙට දවසේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කරන එක තරම් ජයග්‍රහණයක් තවත් නැතුව ඇති.

නුවන් බඹරැන්දගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon