ශ්‍රී ලංකා - චීන සබඳතා දියුණුවට ග්‍රන්ථයක් එළිදැක්වේ

  👤  3282 readers have read this article !
By mawbima 2018-01-21

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හැට වසරක් සනිටුහන් කිරීම නිමිති කරගෙන දෙරටෙහි විද්‍යාර්ථින් රචනා කරන ලද පර්යේෂණ ලිපිවලින් සමන්විත 'දි අයිලන්ඩ් ඔෆ් ද ලයන් ඇන්ඩ් ද ලෑන්ඩ් ඔෆ් ද ඩ්‍රැගන්' කෘතියේ පළමු පිටපත් මෙරට ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් කතුවරුන් සියලු දෙනා වෙත පසුගියදා පිරිනැමිණි. චීන තානාපති කාර්යාලයේ කාර්ය භාර ප්‍රධානී සහ වැඩබලන තානාපතිනී නිලධාරිනී පැංග් චන්ග්සූ මහත්මිය කෘතිය පිරිනමන ලද අතර කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති මෙම කෘතිය එළැදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහභාගි විය.
පාත්ෆයින්ඩර් පදනම සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ චීන අද්‍යතන ආයතනය එක්ව මෙම කෘතිය සම්පාදනය කර තිබිණි.

මේ අවස්ථාවේ සහභාගිවූවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. වමේ සිට ආචාර්ය ජයනාත් කොළඹගේ, දි අයිලන්ඩ් කර්තෘ ප්‍රභාත් සහබන්දු, පාත්ෆයින්ඩර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් කර්තෘ නිස්තාර් කසීම්, ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, වැඩබලන තානාපති නිලධාරිනී පැංග් චන්ග්සූ, පාත්ෆයින්ඩර් ආයතනයේ සභාපති බර්නාඩ් ගුණතිලක, ලේක්හවුස් ආයතනයේ ඉංග්‍රීසි ප්‍රකාශන ප්‍රධානි කර්තෘ ලලිත් අලහකෝන් සහ ඩේලි මිරර් කර්තෘ කේසර අබේවර්ධන යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon