නඩු 6,50,000ක් ගැන තලතාගෙන් හෙළිදරව්වක්

  👤  4093 readers have read this article !
By mawbima 2018-01-21

අධිකරණයේ මේ වන විට නඩු 650,000ක පමණ සංඛ්‍යාවක් විසඳුම් ලබාදීම සඳහා ඉතිරි වී ඇති බව අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල පවසයි.
අධිකරණය ස්වාධීනයි. අධිකරණය සියලු කරුණු සලකා බලා අපරාධකරුවන්ට, මිනීමරුවන්ට සිල් රෙදි සිද්ධියේ දුන්නා වගේ තීරණ ඉදිරියේදී ලබා දෙනු ඇතැයිද ඇමැතිනිය පවසන්නීය. ඉතිරිව තිබෙන නඩු කඩිනමින් විසඳීම සඳහා අධිකරණයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ සඳහා බොහෝ වැඩ ඉටුකර තිබෙනවා. උසාවි ඇති විය යුතු යැයි හිතෙන ප්‍රදේශවල අලුතින් උසාවි ඇති කිරීමටද ඇමැතිනිය තීරණය කර ඇත. රත්නපුරේ අලුත් උසාවි සංකීර්ණය මේ වසරේ ඉදිකරන බවත් මහාධිකරණයක් නොතිබුණා මාතලේ මහාධිකරණයක් ඇති කළ බවත් ඇමැතිනිය සඳහන් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon