බරපතළ වංචා-දූෂණ කොමිසම් වාර්තාවේ ගිය රජයේ ලොකු අය රැසකට චෝදනා

  👤  3458 readers have read this article !
By mawbima 2018-01-21

ජේ.ටී.ද සිල්වා, දයා පෙරේරා

• බරපතළ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තා 34 සම්බන්ධයෙන් පසුගිය රජයේ හිටපු ඇමැතිවරු, හිටපු අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු හා අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍යවරු, හිටපු යුද හමුදාපතිවරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකට එරෙහිව චෝදනා විමර්ශනය කර නිර්දේශ ලබාදී ඇත.

විමල් වීරවංශ, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, රිෂාඩ් බදියුදීන්, රෝහිත අබේගුණවර්ධන යන හිටපු ඇමැතිවරු ඇතුළු තවත් ඇමැතිවරු පිරිසකගේ නම් එම වාර්තාවල ඇතුළත්ව තිබෙන බව දැනගන්නට ඇත.
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වරාය හා නාවික අමාත්‍යාංශයේ හිටපු ලේකම්, හිටපු ලේකම්වරයකු වන ඩී.කේ.ඩී. අමරවර්ධන, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්. එම් රංජිත් යන අයගේ නමිද වාර්තාවලට ඇතුළත්ව ඇත.

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ සෙනරත් බණ්ඩාර, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ මහාචාර්ය ශාන්ති ලාල් දේවප්‍රිය ජයරත්න, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා කමල රාජ් ස්වර්ණතිලක, සභාපති ජගත් පාලිත ජයවර්ධන, මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගණකාධිකාරි ධම්මික කුමාර රණසිංහ, අම්පාර නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් රාශියකගේ නම් එම වාර්තා 34හි ඇතුළත්ව ඇතැයි දැනගන්නට ඇත.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර සියලුම මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට කතානායක කරු ජයසූරිය කටයුතු කරගෙන යයි. පිටු 1135කින් සමන්විත එම වාර්තාව දින කිහිපයක් තිස්සේ රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයේ පිටපත් කිරීම් සිදු කෙරෙමින් පවතින බව දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon