කවුඩුල්ල හා මින්නේරිය ජාතික උද්‍යානවලින් 2017 ආදායම කෝටි 55ක්

  👤  3498 readers have read this article !
By mawbima 2018-01-19

හිඟුරක්ගොඩ- ප්‍රියා

කවුඩුල්ල ජාතික උද්‍යානය සහ මින්නේරිය ජාතික උද්‍යානය දෙස් - විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් 2017 වර්ෂයේ මිලියන 550ක (කෝටි 55ක) ආදායමක් උපයා ඇති බව එම උද්‍යානවල භාරකරුවෝ පවසති.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ පමණක් 2017 වර්ෂයේ මිලියන 270ක ප්‍රවේශපත්‍ර අලෙවි කර ඇති බවත් එම වර්ෂයේ අගෝස්තු මස පමණක් මිලියන 52කට ආසන්න මුදලක ප්‍රවේශපත්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්‍ෂ 2-3ක් පමණ වන බවත් කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ඩබ්ලිව්.ජී.කේ. හේරත් මහතා පැවැසීය.
මින්නේරිය ජාතික උද්‍යානයේ 2017 වර්ෂයේ මිලියන 280ක (කෝටි 28) ප්‍රවේශපත්‍ර අලෙවි කර ඇති බවත් එම වර්ෂයේ අගෝස්තු මස පමණක් මිලියන 55කට ආසන්න මුදලක ප්‍රවේශපත්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්‍ෂ 10-15ක් පමණ බවත් මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු බී.එස්. මඩුල්ල කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon