හතර ගාතේ වැටී සිටි එජාපයට බලය හිමිවුණේ මෛත්‍රි මහත්තයා නිසයි

  👤  3418 readers have read this article !
By mawbima 2018-01-19

කන් කඩාගෙන, හතරගාතේ වැටී සිටි එජාපයට මෙවැනි අවස්ථාවක් ලැබුණේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ලැබූ ජයග්‍රහණය නිසා යැයි එජාපයේ ඇතැම් මන්ත්‍රිවරුන්ට අමතක වීම කනගාටුවට කරුණක් බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.
එස්.එම්. මරික්කාර්, සුජීව සේනසිංහ, හරීන් ප්‍රනාන්දු වැනි එජාප මන්ත්‍රිවරුන් කෙළෙහිගුණ අමතක වී තිබෙනවා ඔවුන්ට එම තනතුරු ලැබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය නිසා බවත් හෙතෙම සඳහන් කරයි.

පෙරේදා (17දා) සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අපි දැක්කා සුජීව සේනසිංහ කතා කරන විදිය. අපිට හිතාගන්න බැහැ මොහු මීට අවුරුදු 10කට කලින් කතා කරපුවාද මේ කතා කරන්නේ කියලා. 'මේ බැඳුම්කර මඟුලක් අල්ලගෙන' එහෙමයි සුජීව සේනසිංහ කිව්වේ. 'බැඳුම්කර මඟුලක් අල්ලගෙන අපිට මඩ ගහනවා' කියලා ඔහු කිව්වේ. සුජීව සේනසිංහ තමයි කිව්වේ නාමල් රාජපක්‍ෂ මිලියන ගාණක් වටිනා සපත්තුවක් දානවා, බේ්‍රස්ලට් දානවා කියලා. අපිට අහන්න තියෙන්නේ දැන් සුජීව සේනසිංහ දාන්නේ දැන් නාමල් රාජපක්‍ෂ දාන සපත්තුවමද කියලා. තමන්ගේ පක්‍ෂයට, නායකයට හොරකමක් පිළිබඳ චෝදනාවක් එල්ල වුණාම අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව තමන්ගේ නිවැරැදිභාවය ඔප්පු කරනවා විනා හොරකම් අල්ලන්න කොමිසමක් පත් කරපු මනුස්සයාගේ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කරගෙන එකයි මොවුන් කරන්නෙ.
අපි දැක්කා මරික්කාර් කතා කරන විදිය. මරික්කාර් කිව්වේ 'මහින්ද මහත්තයාගේ ආප්ප කා මහින්දට කෙළවලා මෙහෙට ආවා. දැන් මේ ඇවිල්ලා අපිට කෙළවන්න එනවා' කියලා. මරික්කාර් මහත්තයාට එදා පාර්ලිමේන්තුවේදී ලොකුගේ මහත්තයාගේ කනේ පාර කාලා ඔල්මොරොන්දම්ද කොහේද? මරික්කාර් මහත්තයාට අපිට කියන්න තියෙන්නේ මෛත්‍රි මහත්තයා ආප්ප කෑවා වෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා තාර කෑවේ නැහැ. මරික්කාර්ට මතකද දන්නේ නැහැ ඔවුන් තාර කාපු විදිය. එජාපයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ආරක්‍ෂා කර ගන්න, මහින්ද මහත්තයා පාරේ තාර දැම්මා. සිරිකොත ඉස්සරහ තාර දාලා පාර වහලා තමයි නායකත්වය බේරලා දුන්නේ. එහෙමයි කෙරුවේ.
ජනාධිපතිවරයා මේ බැඳුම්කර කොමිසම පත් කළේ හිතුමතේට නෙවෙයි. ඒක මේ රටේ ජනතාවගේ ඉල්ලීමක්. මේක ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කරන්නයි ඔහු කටයුතු කළේ.
අපි අහනවා එජාපයේ මේ උදවියගෙන් බැඳුම්කර හොරකමෙන් මේ රටට පාඩුවක් වුණාද? නැද්ද කියලා.
2015 ජනවාරි 09 වැනිදා මහින්ද රාජපක්‍ෂ පරාජයට පත් වුණාට පස්සේ පරාජය පිළි අරගෙන බලය පවරලා ගියේ රනිල් වික්‍රමසිංහට අරලියගහ මැඳුරට එන්න කියලා. බලවත් සැකයක් අපිට තියෙනවා.
පරපුරක බලය කැඳවුම්කරු චාමර නාකන්දල,
අපි ජනාධිපතිවරයාට ආදරයෙන් මතක් කරන තවත් කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි මේ බැඳුම්කරය තරම්ම වේගවත්ව මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීම පිළිබඳ කාරණාව ඉදිරියට ගේන්න කියලා.
උදයන්ති මුණසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon