පෙට්රල්වලට භූමිතෙල් කලවම් කළ තිදෙනාට දඩ

  👤  3514 readers have read this article !
By mawbima 2018-01-19

ගලේවෙල - තිලක් පල්ලේගෙදර

බවුසරයක තිබූ පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් තිදෙනකුට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා විසින් රුපියල් 2,000 බැගින් රුපියල් 6,000ක දඩයක් නියම කරන ලදී. දඩය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිර දඬුවමක් හා වසරක සිරදඬුවමක් වසර 10කට අත්හිටුවීමට මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී.

බවුසරයේ කාමර දෙකක කලවම් කර තිබූ භූමිතෙල් මිශ්‍ර පෙට්රල් තොගය විනාශ කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. භූමිතෙල් කලවම් කරන ලද පෙට්රල් තොගය පසුගිය 13 වැනි දින මකුල්ගස්වැවදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අධිකරණයේදී පැමිණිල්ල
මෙහෙය වන ලද්දේ ගලේවෙල පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත (25657) මහතා විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon