අවිනීත සමාජ වෙබ් අඩවිවලට දැඩි පියවරක් ගන්න

  👤  3546 readers have read this article !
By mawbima 2018-01-19

අවිනීත වැඩ කරන සමාජ වෙබ් අඩවිවලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න ජනාධිපති සහ අගමැති යන දෙදෙනාගෙන් ඉල්ලයි.

ලබාදී ඇති නිදහස භුක්ති විඳිමින් ඇතැම් මාධ්‍ය ජනපතිවරයාට සහ අගමැතිවරයාට විරුද්ධව කටයුතු කරන බැවින් එවැනි වෙබ් අඩවිවලට එරෙහි දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලන බවත් ඇමැතිවරයා පැවැසීය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ශක්තිමත්ව කතා කරනවා. රාජපක්ෂ පාලන සමයේදී කතා කළා නම් මරණ තර්ජනත් එල්ල වෙනවා. අද නිදහසේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. රජයට විරුද්ධව නඩු තීන්දු ලබාදෙනවා. ඒ සඳහා විනිශ්චයකාරවරුන්ට නිදහස ලබාදී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න බැහැ කියලත් තීන්දුවක් දුන්නා. රාජ්‍ය සේවා

කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. අපේ රජයේ වැරැදි තියෙන්න පුළුවන්. යහපාලන රජය ස්ථාපිත කළේ කොහොමද කියලා දන්නෙ නැති ඇමැතිවරුන් අපේ රජයේ ඉන්නවා. නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ගහ මරාගන්නා දේශපාලනය නතර කිරීමටයි. මේ තත්ත්වය පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණවලටත් හඳුන්වාදීමට අපි කටයුතු කරනවා. රාජපක්ෂලා ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරනවා. මොකද? නඩු ඉවර කර ගැනීම සඳහා යැයිද ඇමැතිවරයා කීවේය.
බේරුවල මැතිවරණ කොට්ඨාසයේ පසුගිය තෙවසරේ රැකියාලාභීන්ගේ විශේෂ රැස්වීමක් අමතා ඇමැතිවරයා එම අදහස් පළ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon