‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ විදෙස් සමාගමකට විකිණීමට යනවා යැයි ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රකාශය අසත්‍යයක්

  👤  3421 readers have read this article !
By mawbima 2018-01-19

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ආයතනය විදේශීය සමාගමකට විකිණීමට රජය කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා අවධාරණය කරයි.
කෙසේ වුවද වැළලී යෑමට සූදානම්ව තිබූ එම ආයතනය කොටස්කරුවකු සොයාගෙන ප්‍රතිව්‍යුහගතකර ලාභ ලබන තත්ත්වයට පවත්වාගෙන යෑමට රජය සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ආයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ධුරයට තිලාන් විජේසිංහ මහතාගේ නම ඇතුළු නම් කිහිපයක් යෝජනා වී තිබුණු බවත් එහෙත් තිලාන් විජේසිංහ මහතා ඊට එකඟත්වය පළ කර නොමැති බවත් හෙතෙම පවසයි.

එසේම රාජ්‍ය බැංකු පෞද්ගලික අංශයට විකුණා දැමීමට අපේ රජය පියවර ගනිමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය ගෙන යන ප්‍රතිචාරවල සත්‍යයක් නැතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ රාජ්‍ය අරමුදල් යොදවා ඒවා ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමට පියවර ගෙන ඇති බවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon