මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම දේශපාලනීකරණය නොවන නව සැලැස්මක්

  👤  3301 readers have read this article !
By mawbima 2018-01-19

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචා, දූෂණ යළි සිදුනොවීමට හා මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම දේශපාලන පත්කිරීමක් නොවන පරිදි කටයුතු කිරීමට නව සැලැස්මක් සකස් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ධීවර කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසීය.
බැඳුම්කර වාර්තාව සමඟ නිකුත් කළ බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව මඟින් වැඩි වශයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට බවත් එසේ චෝදනා එල්ල වූවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම කණ්ඩායමක් නියෝජනය කිරීම නිසා ශ්‍රී ලනිපය නියෝජනය නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීළඟට පත් කරන ශ්‍රී ලන්කන් හා මිහින් එයාර් ගුවන් සමාගම් පිළිබඳ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව තුළ පරණ මිත්‍රයන් වගේම අලුත් මිත්‍රයන්ද සිටිය හැකි බවත් දැනටමත් යම් යම් ආකාරයෙන් ඔවුන් වෙත චෝදනා එල්ල වී ඇති බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
හොරකම් කළ මුදල් නැවත අය කර ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයට ඒවා පාර්ලිමේන්තුවට එනතුරු අපි බලන් ඉන්නවා අත්දෙකම වුණත් උස්සන්න. ඒක අනාගතයටත් වලංගු වන ආකාරයටයි කටයුතු කරන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon