යාපනයේ වෙළෙඳ සංකීර්ණවල සිදුවන භූත බලවේග දුරලන්න ශාන්තිකර්මයක්

  👤  3640 readers have read this article !
By mawbima 2018-01-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විශ්වාස නොකළත් යාපනය නගරයේ කුඩා වෙළෙඳ සංකීර්ණවල සිදුවන බව කියන භූත බලවේගය මෙතෙක් පහවගොස් නොමැති බව කියමින් එහි වෙළෙන්දෝ භූතයන් පලවා හැරීමේ ශාන්තිකර්මයක් ආරම්භ කොට තිබේ.
වෙළෙඳ සංගමයේ පිරිස කියා සිටින්නේ තමන් සමඟ වෙළෙ¼දාම් කළ එකම පවුල් දාමයකට අයත් පවුල් හතරක සාමාජිකයන් 9 දෙනකු මිය යෑමෙන් පසුව ඔවුන් භූතයන් ලෙස ඉපදී මේ වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට බලපෑම් කරන බවයි.

ඔවුන් මියයෑමට පෙර කුඩා වෙළෙන්දන් 127 දෙනකු මේ ස්ථානයේ වෙළෙ¼දාම් කොට හොඳ ලාභයක් ලැබූ අතර මේ වනවිට වෙළෙඳ කටයුතුවලින් පාඩුවීම හා විවිධ බාධක හා කම්කටොලු පැමිණීම නිසා මේ ස්ථානයේ වෙළෙ¼දාම් කරන පිරිස 49කට සීමා වී ඇති බවත් කියයි.
යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් එම පිරිස මියගියේ ඉන්ෆ්ලුවන්සා වයිරස් උණ රෝගයෙන් බව ප්‍රකාශ කළත් එම උණ රෝගය යාපනයේ වෛද්‍යවරුන්ට සොයා ගැනීමට නොහැකිව කාලයක් ගත වූ බවද වෙළෙන්දෝ කියා සිටිති.

මේ කාලයේදී වෙළෙඳසල්වලත් වෙළෙන්දන්ගේ නිවෙස්වලත් විශ්වාස කළ නොහැකි බොහෝ විපර්යාස සිදු වුවත් ඒවා නිලධාරීන් නොපිළිගන්නා බවද පවසන වෙළෙන්දෝ මීට කළ හැකි එකම දේ භූතයන් පලවා හැරීම පිණිස ශාන්තිකර්මයක් පැවැත්වීම යැයි විශ්වාස කරන බවද කියා සිටියහ.
ඒ අනුව ඔවුන්ගේ සියලු වෙළෙඳ කටයුතු නවතා දමා භූතයන් පලවා හැරීමට යාපනයේ කුඩා වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ ඊයේ (18දා) කටයුතු යොදා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon