පළාත් පාලන මැතිවරණයේ දී ගාල්ලේ තනි බලය එජාපය ගන්නවා

  👤  3406 readers have read this article !
By mawbima 2018-01-19

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල තනි බලය එජාපයට ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් එජාප නායක වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැති ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10යේම සියලුම පළාත් පාලන ආයතනවල එජාපයේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් දැනුවත් කර තිබෙනවා. ගමට වගකියන මන්ත්‍රිවරයකු බිහිකිරීමේ කොට්ඨාස ක්‍රමය හඳුන්වා දීමේ අසීරු කාර්යය අපේ රජය සිදුකළා. මේ නව මැතිවරණ ක්‍රමය තුළින් එජාපයට ඉතා විශිෂ්ට ජයක් ලබාගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා එජාපය ඉතා හොඳින් සංවිධාන ගතවී සිටිනවා. මේ වනවිට රටේ නැතිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කර, තොරතුරු දැනගැනීමේ පනත ගෙන ආවා. රටේ සංවර්ධන වැඩකටයුතු ආරම්භ කළා. මෙවර මැතිවරණයෙන් එජාපයට විශිෂ්ට ජයක් බලාපොරොත්තු වෙනවා. යනුවෙන් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon