විදුහල්පති විදුහලේ යතුර අරන් දුර පිහිටි නිවෙසට ගොස් සිටීමෙන් ගුරුවරුන්ට හා සිසුන්ට පැය ගාණක් එළියේ ඉන්න සිදුවෙලා

  👤  3530 readers have read this article !
By mawbima 2018-01-19

හන්තාන - චමින්ද කුමාර

විදුහල්පති විසින් විද්‍යාලයේ යතුරු රැගෙන දුර බැහැර ඇති තම ගමට ගොස් නිවෙසට වී සිටි නිසා පාසලේ ගුරුවරුන් සහ දරුවන්ට පෙරේදා (17දා) පාසල් ඇරෙන වේලාව තෙක් එළියේ සිටීමට සිදු වී ඇත.

මේ සිද්ධියට මුහුණ දීමට සිදුවූයේ මහනුවර අධ්‍යාපන කලාපයට අයත් පාතහේවාහැට අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි නාරන්හින්න දෙමළ විද්‍යාලයේ ගුරුවරුන්ට හා සිසුන්ටය.
එක වසරේ සිට පහ වසර දක්වා පන්ති පැවැත්වෙන මේ විද්‍යාලය සිසුන් පනස් හතක් සහ ගුරුවරු හතර දෙනකු සිටින දුෂ්කර පාසලකි. විද්‍යාලයේ ‍ෙදාරවල් විවෘත කරගැනීමට නොහැකි වී සිසුන් සහ ගුරුවරුන් පාසල් මිදුලට වී දහවල් දෙක වනතුරු සිටියද විදුහල්පති පැමිණ නැත.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් පනහක් පමණ දුරින් ගලහ නගරයේ ඇති මේ විද්‍යාලය වතු ආශ්‍රිත ළමයින් ඉගෙනුම ලබන දුෂ්කර පාසලකි.
මේ පිළිබඳව විද්‍යාලයේ ගුරුවරුන් සහ මවුපියන් මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර මේ නොසැලකිලිමත් විදුහල්පති පිළිබඳව සාධාරණ තීරණයක් ගනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon