නාවල ෂෙඩ් එකට සංස්ථාවෙන් සීල්

  👤  3303 readers have read this article !
By mawbima 2018-01-19

රාජගිරිය, නාවල ප්‍රධාන මාර්ගයේ විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරත්වය දරන ඉන්ධන පිරවුම්හලට සීල් තැබීමට එම සංස්ථාව ඊයේ (18දා) පියවර ගෙන ඇත.

ඒ අනුව එම ඉන්ධන හලේ පොම්පවලට සීල් තැබීම තෙල් සංස්ථා නිලධාරීන් විසින් සිදුකර තිබේ.
ඉන්ධන හලේ පොම්ප යොදා ගනිමින් පෞද්ගලික ඉන්ධන බවුසරයක් වෙත භූමිතෙල් පැටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද තොරතුරු මත පෙරේදා (17දා) දින එම ඉන්ධන හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් වටලා ඇත.

එම භුමිතෙල් තොගය කර්මාන්ත ශාලාවක් වෙත හෝ වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සූදානම් කර තිබෙන්නට ඇතැයිද විමර්ශන නිලධාරීහු සැක පහළ කරති. ඒ සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ අවසන් වනතුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් ඒකකය පියවර ගෙන තිබේ. මෙවැනි අක්‍රමිකතා සිදු කරන්නන්ට එරෙහිව ආයතනික නීතියත් රටේ නීතියටත් අනුව ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යතුමා පවසයි. ඔහු තවදුරටත් අවධාරණය කළේ ඩීසල්වලට භූමිතෙල් කලවම් කර විකුණුවහොත් ඔවුනටද කිසිදු සමාවක් නොදෙන බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරී ඇති බලතල අනුව එම වරද සිදුකරන ඉන්ධන හල්වල සහ බවුසර් රථවල බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එසේම මෙවැනි වංචනික කටයුතු සම්බන්ධයෙන් 0728870624 සහ 0777748417 යන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ව දැනුවත් කළ හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon