ත්‍රි’මලේ කප්පම් කල්ලිය අල්ලන්න ඔත්තු දෙන්න

  👤  3531 readers have read this article !
By mawbima 2018-01-19

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස් ස්ථානය - 026-2222222
මූලස්ථාන පොලිස් පරීක්ෂක ත්‍රිකුණාමලය - 071-8591174, 026-2222227

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 25ක කප්පම් මුදලක් ලබාගත් කප්පම් කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය පතයි.
කප්පම් ලබාගැනීමේ අරමුණින් ඉකුත් 05 වැනි දින ත්‍රිකුණාමලය පොලිස් වසමේ පදිංචි තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙස පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා කප්පම්කරුවන් විසින් ඉකුත් 07 වැනි දින රාත්‍රියේදී මිරිස්වත්ත ප්‍රදේශයේදී අතහැර ගොස් සිටියදී හමුවී ඇත. මෙලෙස කප්පම්කරුවන් ගෙන් මෙම පුද්ගලයා මුදා ගැනීමට ඥාතීන් විසින් කප්පම්කරුවන් හට මුදලින් රුපියල් ලක්ෂ 25ක් ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.
මෙම කප්පම් කල්ලිය සම්බන්ධයෙන් ඛ්.ඛ්.ඊ.ඍ. දර්ශන ලැබී ඇති අතර එම දර්ශනවලට අනුව පුද්ගලයන් කිහිපදෙනකු හා කාන්තාවක් සම්බන්ධ බවට අනාවරණය වේ.
ඒ අනුව මේ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon