බැඳුම්කර වාර්තාවේ පිටු 103ක් අඩුයි

  👤  3351 readers have read this article !
By mawbima 2018-01-19

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටු 103ක් අඩුවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් ජනවාරි 03 වැනිදා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළ අවස්ථාවේ එම වාර්තාවේ පිටු 1257ක් තිබෙන බව සඳහන් කළ නමුත් පෙරේදා (17දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන්නේ 1154ක් පමණක් බවද ඔහු පැවැසීය.
ඒ අනුව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට අනුව මේ වන විට වාර්තාවේ පිටු 103ක් අඩුවී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා එම වාර්තාව කලින්ම තමා වෙත ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු අඩංගු බැවින් ප්‍රසිද්ධ කළ නොහැකි බවත් පැවැසීම නිසා එම අසත්‍ය කරුණු අඩු කළ හෙයින් පිටු 103ක් මෙලෙස වාර්තාවෙන් අඩු වූවාදැයි සැකයක් මතුවන බවද ඔහු සඳහන් කෙළේය.

එබැවින් මෙම වාර්තාව පිළිබඳ ජනතා විශ්වාසයක් ගොඩනැඟීමට නම් ජනාධිපතිවරයා විසින් එම පිටු 103ට සිදුවූ දේ ජාතියට හෙළිකළ යුතු බව ඊයේ (18දා) නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon